ප්‍රජා සවිබලකරණය මැණීම (Measuring Community Empowerment)
සංවර්ධන ක්‍රියාදාමයේදී වැඩිම අවධානයක් යොමු කෙරෙන මාතෘකාවක් වන්නේ ප්‍රජාව සවිබල ගැන්වීමයි (Community empowerment). මේ නිසාම බොහෝ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සහභාගිත්ව ක්‍රමවේදයන් අනුගමනය කිරීම මගින් ප්‍රජා සාමාජිකයින්ට සහ විවිධ ප්‍රජා කණ්ඩායම්වලට එම ව්‍යාපෘති ක්‍රියාකාරකම් තුල සමීප ලෙස මැදිහත්වීමට ඉඩකඩ ලබා දෙයි. එපමණක්ද නොව එවැනි මැදිහත්වීම් තුලින් ලබන සාමූහික අත්දැකීම්, පන්නරය, කුශලතා සහ බාහිර සම්බන්ධතා හේතුකොට ගෙන එම ප්‍රජාවන්ද ප්‍රජා සංවිධානද ආයතනික, සමාජයීය හා ආර්ථික වශයෙන් බලවත් වේ යැයි අපේක්ෂා කෙරේ. බොහෝවිට ප්‍රජා සවිබලකරණය යනුවෙන් අදහස් වනුයේ මෙම සංකල්පයයි.
අපේක්ෂිත ප්‍රජා සවිබලවීම කෙතෙක් දුරට සාර්ථක වූවාද නැද්ද යන්න විමසා බැලීම හෝ මැණ බැලීම සංකීර්ණ පමණක් නොව බොහෝවිට ගැටළු සහගත කටයුත්තක්ද වේ. ප්‍රජාව සවිබල වීම ප්‍රත්‍යේක්ෂණය (verify) කිරීම හෝ මිනීම (measure) සදහා විවිධ ආයතන විවිධ ක්‍රමවේදයන් භාවිතා කරණු ලබයි. මේ සදහා උපකාරීවිය හැකි ක්‍රියා පිළිවෙලක් ආචාර්ය ෆිල් බාටල් තම වෙබ් අඩවියේ (www.scn.org/cmp) හදුන්වා දෙයි. ඒ අනුව ප්‍රජා සවිබලකරණයට ඉවහල්වෙන මූලිකාංග (elements) 16 ක් ඇත. අදාල ප්‍රජාව හෝ ප්‍රජා සවිධානය මේ මූලිකාංග කෙතෙක් දුරට ලඟාකර ගත්තාද නැද්ද යන්න ප්‍රත්‍යෙක්ෂණය කිරීමෙන් සවිබලවීම මැණිය හැක. ඒ මූලිකාංග නම්:
1. පරාර්ථකාමිත්වය (Altruism): තම ප්‍රජාවගේ අභිවෘද්ධිය පිණිස තමාගේ කාලයෙන්, ශ්‍රමයෙන්, වත්කම් ආදියෙන් කරන කැප කිරීම
2. සාමූහික වටිනාකම් (Common values): එකිනෙකාගේ පුද්ගලික ඕනෑ එපාකම් අභිබවා සාමූහික වටිනාකම් පද්ධතියක් මත තීරණ ගැනීම සහ ක්‍රියාකිරීම.
3. සන්නිවේදන පහසුකම් (Communication facilities): තොරතුරු දැනගැනීම සහ සන්නිවේදනය සදහා පහසුකම් තිබීම (ගුවන් විදුලි යන්ත්‍ර, පුවත් පත්, රූපවාහිනී, දුරකථන, පරිගණක ආදිය)
4. සාමූහික විශ්වාසය (Confidence): සාමූහික ප්‍රයත්නයන් මගින් ප්‍රජා අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකිවේයැයි බොහෝ දෙනෙකු තුල ඇති විශ්වාසය.
5. බලදායි පරිසරය (Enabling environment): ප්‍රජා ක්‍රියාකාරිත්වය සදහා ප්‍රයෝජනවත් වන දේශපාලනික, නෛතික, මූල්‍යමය හා තාක්ෂණික අනුග්‍රහය, අනුබලය සහ ප්‍රතිපත්ති තිබීම.
6. තොරතුරු (Information): තීරණ ගැනීම සදහා අවශ්‍ය තොරතුරු ලඟාකර ගැනීමටත් එම තොරතුරු විශ්ලේෂණය කරගැනීමටත් ප්‍රජාවට සහ ප්‍රජා සංවිධානවලට ඇති හැකියාව.
7. උනන්දුව (Animation): සජීවිකරණය, පුහුණුව හා දැනුවත් කිරීම් මගින් ප්‍රජා ක්‍රියාකාරිත්වය සදහා ඉස්මතුවූ උනන්දුව.
8. නායකත්වය (Leadership): සාමූහික තීරණ සහ ක්‍රියාකාරකම් කෙරෙහි තම සාමාජිකයින් දිරිගන්වන සහ ඔවුන්ට පහසුකාරකයන් වන නායකත්වයක් තිබීම.
9. සම්බන්ධතා (Networking): ප්‍රජා ක්‍රියාකාරකම් සදහා ඉවහල් වන බාහිර ආයතන සහ පුද්ගලයින් සමග ඇති සම්බන්ධතා හා ජාල ගතවීම්.
10. පිළිගැනීම (Acceptance): රාජ්‍ය, පෙෘද්ගලික සහ රාජ්‍ය නොවන අංශ වලින් ප්‍රජා ක්‍රියාකාරිත්වයට ඇති පිළිගනිම
11. සංවිධානාත්මකබව (Organization): විවිධ කාර්යන් සහ වගකීම් පිළිබද මනාව විභේදනයවූ මානව සම්පත්, ආයතනික, කාර්ය පටිපාටි සහ කළමනාකරණ ව්‍යුහයක් අදාල ප්‍රජා සංවිධාන තුල තිබීම.
12. කුශලතා (Skills): සංවිධානය කිරීම, තාක්ෂණය, කළමනාකරණය සහ සජීවීකරණය වැනි කරුණු පිළිබද පුද්ගලයන් සහ කන්ඩායම් තුල ඇති දක්ෂතා.
13. අන්‍යොන්‍ය විශ්වාසය (Trust): ප්‍රජා සංවිධාන නායකත්වය, මූල්‍ය කලමනාකරණය සහ විවිධ වගකීම් කෙරෙහි ප්‍රජා සාමාජිකයින් තුල ඇති විශ්වාසය.
14. එකමුතුකම (Unity): ප්‍රජාවේ සියළු දෙනාම ‘ අප එකම කණ්ඩායමකට අයත් යැයි’ යන හැගීමෙන් සිටීම.
15. යටිතල පහසුකම් (Infrastructure): ප්‍රජාව තුල ඇති යටිතල ව්‍යුහයන් ප්‍රජාව විසින්ම මනාව පරිහරණය සහ නඩත්තු කිරීම.
16. වත්කම් (Assets): අදාල ප්‍රදේශයේ ඇති ආර්ථික සහ මානව සම්පත් උපයෝගී කරගැනීමේදී හා කලමණාකරණය කිරීමේදි ප්‍රජාවට (පුද්ගලයින්ට, පවුල්වලට සහ ප්‍රජා සංවිධානවලට) ඇති ඉඩකඩ හා හැකියාව.
තොරාගත් ප්‍රජාවක් තුල සවිබලකරණය මැණීමේ සහභාගිත්ව ක්‍රමවේදය
1) ප්‍රජාව තුල දැනටමත් ක්‍රියාත්මකවන කුඩා කණ්ඩායම් මගින් හෝ මේ සදහාම තාවකාලිකව ගොනු කරන කේන්ද්‍රීය කණ්ඩායම් (focus groups) මගින් මෙය කලහැක.
2) පහසුකාරකයකු (facilitator) මගින් කණ්ඩායමට මෙම මූලිකාංග 16 පිළිබද පැහැදිලි කිරීමක් කරන්න. අවශ්‍ය නම් අවබෝධය නිවැරදි කර ගැනීම සදහා ප්‍රශ්න කිරීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන්න.
කිසියම් ප්‍රජාවක්තුල මෙම සවිබලවීමේ මූලිකාංග පැවතීමේ මට්ටම් අනුව පහතදැක්වෙන ආකාරයෙන්ලකුණු තැබියහැකි බව පහදා දෙන්න.
අදාල මූලිකාංගය කිසිවිටෙකත් නොමැති විට 0
අදාල මූලිකාංගය අඩු මට්ටමක තිබීම 1
අදාල මූලිකාංගය සෑහීමකට පත්විය හැකි මට්ටමක තිබීම 2
අදාල මූලිකාංගය ඉහළ මට්ටමක තිබීම 3
අදාල මූලිකාංගය ඉතා ඉහළ මට්ටමක තිබීම 4
3) මීලඟ පියවරේදී, එක් එක් මූලිකාංගය වර්තමානයේදී තම ප්‍රජාව තුල කුමන මට්ටමක පවතීදැයි සාකච්ඡාවට භාජනය කොට සියළුදෙනාටම එකඟවිය හැකි මට්ටම තෝරා ලකුණු දීමට කණ්ඩායමට උපදෙස් දෙන්න. මේ සදහා පහසුකාරකයකුගේ සහයද ලබා දිය හැක. මෙලෙස මූලිකාංග 16 ටම ලකුණු දීමෙන් පසු ප්‍රජාවෙහි වර්තමාන සවිබලවීමේ මට්ටම පිළිබද ප්‍රමාණාත්මක නිගමනයකට එලඹිය හැක.
මේ ක්‍රමය කණ්ඩායම් කිහිපයක් මගින් කිරීමෙන් ලබාගන්නා සාමාන්‍ය අගය වඩා පුළුල් අදහසක් ලබාදෙනු ඇත.
4) ව්‍යාපෘතියක් ඇගයීමකටද මෙම ක්‍රමය භාවිතා කල හැක. මෙහිදී කල යුත්තේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර හා ව්‍යාපෘතිය අවසන්වීමෙන් පසුව මෙම ක්‍රමය අනුගමනය කිරීමයි.
ප්‍රජා සවිබලකරණය මැණීම සදහා භාවිතා කල හැකි වගුව
ප්‍රජා සවිබලකරණය නියෝජනය වන මූලිකාංග |
වර්තමානයේදී |
අවුරුදු 3 කට පෙර |
||||||||
0 |
1 |
2 |
3 |
4 |
0 |
1 |
2 |
3 |
4 |
|
1. පරාර්ථකාමිත්වය (Altruism) |
|
|
|
|
|
|
|
|
|
|
2. සාමූහික වටිනාකම් (Common values) |
|
|
|
|
|
|
|
|
|
|
3. සන්නිවේදන පහසුකම් (Communication facilities) |
|
|
|
|
|
|
|
|
|
|
4. සාමූහික විශ්වාසය (Confidence) |
|
|
|
|
|
|
|
|
|
|
5. බලදායි පරිසරය (Enabling environment) |
|
|
|
|
|
|
|
|
|
|
6. තොරතුරු (Information) |
|
|
|
|
|
|
|
|
|
|
7. උනන්දුව (Animation) |
|
|
|
|
|
|
|
|
|
|
8. නායකත්වය (Leadership) |
|
|
|
|
|
|
|
|
|
|
9. සම්බන්ධතා (Networking) |
|
|
|
|
|
|
|
|
|
|
10. පිළිගැනීම (Acceptance) |
|
|
|
|
|
|
|
|
|
|
11. සංවිධානාත්මකබව (Organization) |
|
|
|
|
|
|
|
|
|
|
12. කුශලතා (Skills) |
|
|
|
|
|
|
|
|
|
|
13. අන්‍යොන්‍ය විශ්වාසය (Trust) |
|
|
|
|
|
|
|
|
|
|
14. එකමුතුකම (Unity) |
|
|
|
|
|
|
|
|
|
|
15. යටිතල පහසුකම් (Infrastructure) |
|
|
|
|
|
|
|
|
|
|
16. ප්‍රජාව සතු (පුද්ගලයින්, පවුල්, සංවිධාන) වත්කම් (Assets) |
|
|
|
|
|
|
|
|
|
|




