කුඩා මූල්‍යකරණ වැඩ සටහන් සදහා දුප්පතුන් ඉලක්ක කිරීම
කුඩා මූල්‍යකරණයේ දී දුප්පත්කම තක්සේරු කිරීම: ග්‍රාමීන් බැංකු ක්‍රමය
කුඩා මූල්‍යකරණය (microfinance) යන්නේ නිවැරදි මගද? විනාශය කරාද?
කුඩා මූල්‍යකරණයේ දී දුප්පත්කම තක්සේරු කිරීම: ග්‍රාමීන් බැංකු ක්‍රමය
Assessment of poverty in microfinance: Approach of the Grameen Bank
දුප්පතුන්ට ණය දීම සම්බන්ධයෙන් ප්‍රකට බංගලා දේශයේ ග්‍රාමීන් බැංකුව තම සේවාලාභීන් දුප්පත්ද නැද්ද යන්න තහවුරු කරගැනීම සදහා දර්ශක (indicators) 10 කින් යුත් පිරික්සුම් ලැයිස්තුවක් (check list) භාවිතා කරනු ලබයි. සෑම වර්ෂයකටම වතාවක්ම ණය ලාභීන් සදහා කරනු ලබන පිරික්සුමේදී මෙම දර්ශක 10 ම සම්පූර්ණ කෙරෙන පවුල් තවදුරටත් දුප්පත් යැයි සලකන්නේ නැත. මෙම දර්ශක 10 වන්නේ:
1) නිවසේ වටිනාකම අවම වශයෙන් බංගලි දේශ ටකා 25000 ක් විම හෝ වහල තහඩුවලින් නිමවී තිබීම සහ පවුලේ සෑම සාමාජිකයෙකුටම බිම වෙනුවට ඇදක නිදා ගැනීමට පහසුකම් තිබීම.
2) පවුලේ සෑම සාමාජිකයෙකුටම පිරිසිදු නල ලිං ජලය හෝ උණු කරගත් හෝ පිරිසිදු ජලය බීමට පහසුකම් තිබීම.
3) අවුරුදු 6 ට වැඩි පවුලේ සෑම ලමයෙකුම පාසැල් යෑම හෝ ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කොට තිබීම.
4) සතියකට ගෙවීමට ඇති ණය වාරිකය බංගලි දේශ ටකා 200 ක් හෝ ඊට වැඩිවීම.
5) සනීපාරක්ෂක වැසිකිලියක් තිබීම.
6) පවුලේ සෑම සාමාජිකයෙකුටම දිනපතා භාවිතය සදහා ඇදුම් තිබීම සහ මදුරුවන්ගෙන් ආරක්ෂාවීම සදහා මදුරු දැල් තිබීම.
7) පවුලේ ප්‍රධාන ජීවනෝපායට අමතරව අතුරු ආදායම් මාර්ග (පලතුරු ගස්, ගෙවත්තේ එලවළු ආදිය) තිබීම.
8) ණයලාභියාගේ ඉතුරුම් ගිණුමේ සාමාන්‍ය වාර්ෂික ශේෂය ( Average annual balance of savings accounts) බංගලි දේශ ටකා 5000 ක් හෝ ඊට වැඩිවීම.
9) පවුලේ සියළුම සාමාජිකයින්ට සෑම දිනකම ආහාර වේල් තුනක් ගැනීමට හැකියාව තිබීම.
10) පවුලේ සෑම සාමාජිකයෙක්ම අසනීපවන අවස්ථාවල ප්‍රමාණවත් ලෙස සෙෘඛ්‍ය පහසුකම් සහ ඔෘෂධ ලබාගැනීමට හැකියාව තිබීම.
මූලාශ්‍රය www.grameen-info.org




