දුප්පතුන්ගේ සමාජ ආර්ථික තත්වය යහපත් අතට හැරවීමට කුඩා මූල්‍යකරණයට සත්‍ය වශයන්ම හැකිදැයි තහවුරු කිරීමට සමාජ කාර්ඵල සාධන මෙවලම් භාවිතා කිරීම (Can microfinance improve the socio-economic status of poor borrowers? Use of Social Performance Assessment tools to verify the success of Microfinance Institutions)
මූල්‍ය තිරසාර භාවය (financial sustainability) කුඩා මූල්‍යකරණ ආයතනයක සාර්ථක බව මැණීමේ හොඳ සාධකයක් බව නිසැකය. ඒ මගින් කුඩා මූල්‍යකරණ ආයතනයක වියදම් පියවාගෙන මූල්‍ය වර්ධනයක් ඇතිකරමින් වැඩි වැඩියෙන් දුප්පත් සේවා ලාභීන් කරා ලඟාවීමට ඇති හැකියාව පෙන්නුම් කරයි. මයික්‍රොෆ්නෑන්ස් ඉන්ෆොමේෂන් එක්ස්චේන්ජ් (Microfinance Information Exchange – MIX ) නමැති ආයතනයේ 1999 සිට ඇති දත්තවලට අනුව ලොව පුරා විසිරී ඇති කුඩා මුල්‍යකරණ ක්ෂේත්‍රය අවුරුදු පතා වර්ෂයකට 13% වර්ධනයක් පෙන්නුම් කරයි.
මේ සාර්ථකත්වයට මූලික හේතුව එම ආයතනවල මූල්‍ය තිරසාරභාවය වුවද බොහෝ මුල්‍යකරණ ආයතනවල සහ ඒවාට මුදල් සපයන දායක ආයතනවල අදහස වන්නේ දුප්පතුන් කරා ලඟාවීමත්, හොඳ මූල්‍ය සේවා සැපයීම තුළින් ඔවුන්ගේ ජිවන තත්වය ඉහළ දැමීමත් මුල්‍ය තිරසාරභාවයසේම වැදගත් සාධකයක් බවයි. මේ නිසා කුඩා මූල්‍යකරණ ආයතනවල සමාජ කාර්යඵල සාධන ප්‍රගතිය විනිවිද ස්වරූපයෙන් විපරම් කිරීම සහ මැණීම පිලිබඳ උන්නදුවක් ඉස්මතුවෙමින් පවතියි.
වෙනත් අන්දමිකින් පැවසුවහොත් දුප්පතුන්ගේ ජිවන තත්වය ඉහළ දැමීමේ අරමුණින් කුඩා මුල්‍යකරණ ආයතනවලට මුදල් සපයන ආයතන වල අපේක්ෂාවන් ඉටුවෙන බවට ඔප්පු කිරිමේ සාක්ෂි සැපයීමට කුඩා මූල්‍යකරණ ආයතන සමත්විය යුතුය. ණය ලබාගන්නා දුප්පතුන්ගේ ආදායම් ඉහළ යන බවත්, හානිවලට ඔරොත්තු දීමේ ශක්තිය ඔවුන් තුළ වැඩිවී ඇති බවත්, සමාජ-ආර්ථික වශයෙන් ඔවුන් බල සම්පන්න වී ඇති බවත්, ඔවුන්ගේ ජීවන තත්වයේ ඉහළ යෑමක් ඇති බවත් ආදී වශයෙන් සමාජ කාර්යඵල සාධන ප්‍රගතියක් පෙන්නුම් කිරීමට කුඩා මූල්‍යකරණ ආයතන බැඳී සිටී. දුප්පත් ණය ලාභීන් දිගින් දිගටම නැවත ණය ලබා ගැනීමට පෙළඹෙන්නේ ඔවුන්ට එයින් සෙතක්වන නිසායැයි සමහරුන් තර්කකළද එයට හේතුව ණය බරින් මිදීමට ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැතිවීම විය හැක. ඒ නිසා දුප්පත් ණයලාභීන්ගේ සමාජ-ආර්ථික තත්වය කුඩා මූල්‍යකරණය නිසා සත්‍ය වශයෙන්ම යහපත් අතට හැරෙන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට කුඩා මූල්‍යකරණ ආයතන මෙන්ම දායක ආයතනද පසුගිය වර්ෂ කිහිපයේදී උත්සdහයන් ගත් අතර එහි ප්‍රතිඵලයන් වශයෙන් ව්විධ සමාජ කාර්යඵල සාධන මෙවලම් කිහිපයක් මේ වනවිට එළිදැක්වී ඇත. ඒවා අතුරින් කැපී පෙනෙන ආයතන නම්: සීරයිස් ආයතනය (CERISE), ඇමෙරික් එක්සත් ජනපද අන්තර් ජාතික සංවර්ධන ඒජන්සිය (USAID), ඇක්සියොන් ඉන්ටනැෂනල් (ACCION International), සීගැප් (CGAP), ග්‍රාමීන් පදනම (Grameen Foundation), ෆෝඩ් පදනම යි (Ford Foundation).
කුඩා මූල්‍යකරණ ආයතන සඳහා වූ කාර්යඵල සාධනය ඇගයීමේ මෙවලම් සාමාන්‍ය ඇගයීමේ මෙවලම්වලින් වෙනස් වන්නේ, අවසානයේදී දකින හෝ අත්කරගන්නා ප්‍රතිඵල (results) සහ බලපෑම් (impacts) ඇගයීමට අමතරව සාධනීය ප්‍රතිඵල සහ බලපෑම් ලබා ගැනීමට ඇති කැපවීමත්, ඒ සඳහා අවශ්‍ය ආයතනික ව්‍යුහයන් සහ කාර්ය පටිපාටි තිබේදැයි ඇගයීමට භාජනය කිරිමෙනි. මේ සදහා පහත දැක්වෙන අන්දමේ බහුවිධ මූලාශ්‍ර විමර්ශනය කිිමට සිදුවේ.
- ආයතනයේ අධ්‍යක්ෂක මණඩල සාමාජිකයින්, සේවකයින් සහ සේවා ලාභීන් සමග පවත්වන සම්මුඛ සාකච්ඡා මගින් ලබා ගන්නා තොරතුරු
- ණය ලාභීන් පිළිබඳ මූල්‍යකරණ ආයතණයේ ගබඩාවී ඇති තොරතුරු
- අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් වාර්තා
- ස්වාධීන ඇගයීම් වාර්තා (Independent evaluation reports)
- අලෙවි සමීක්ෂණ (Market survey reports), ශක්‍යතා වාර්තා (Feasibility reports) ආදිය
- පාදක සමීක්ෂණ වාර්තා (Baseline surveys)
- මූල්‍ය විශ්ලේෂණ වාර්තා (Analytical financial reports)
- උපාය මාර්ගික සහ ව්‍යාපාරික සැලසුම් (Strategic plans & Business Plans)
අ) සමාජ කාර්යඵල සාධනය ඇගයීමේ මෙවලම (Social Performance Assessment Tool)
සමාජ කාර්යඵල සාධනය ඇගයීම සඳහා ඇමෙරික් එක්සත් ජනපද අන්තර් ජාතික සංවර්ධන ඒජන්සිය (USAID) අනුග්‍රහයෙන් ගැරී වොලර් (Gary Woller) විසින් නිර්මාණය කරන ලද මෙවලම මගින් ‘සේවාලාභීන් ආවරණය’ (Client Outreach) කිරීම පුළුල් ලෙස ඇගයීමකට භාජනය කරණු ලබයි. මේ සඳහා කුඩා මූල්‍ය ආයතනයක් තුල නිරන්තරයෙන් සහ සාමාන්‍යයෙන් එක් රැස්කරණු ලබන තොරතුරු මත පදනම්වූ දර්ශක භවිතා කෙරේ. සේවාලාභීන්ගේ ආවරණය හා සම්බන්ධ මූලිකාංග 6 ක් මත මෙම දර්ශක පදනම්වී ඇති අතර පහත දැක්වෙන වගුව ඒ සඳහා උදාහරණ කිහිපයක් සපයයි. මෙහි ඇති දර්ශක උදාහරණයන් වන අතර එක් එක් මූලිකාංගයට උචිතවන පරිදි තවත් දර්ශක යොදා ගත හැක.
සමාජ කාර්යඵල සාධනය ඇගයීමේ මෙවලම |
|
ණයලාභීන් ආවරණ කිරීමේ මූලිකාංග |
දර්ශක |
1. ආවරණයේ පළල (Breadth of outreach) |
|
2. ආවරණයේ ගැඹුර (Depth of outreach) |
|
3. ආවරණයේ දිග (Length of outreach) |
|
4. ආවරණයේ විෂය පථය (Scope of outreach) |
|
5. ආවරණ පිරිවැය (Cost of outreach) |
|
6. ආවරණ වටිනාකම (Worth of outreach) |
|
ආ) සී රයිස් (CERISE) සමාජ කාර්යඵල සාධන මැණීමේ මෙවලම
ණයලාභීන් ආවරණය කිරීම ඇගයීමට අමතරව, ණය ලාභීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මුල්‍යකරණ ආයතණයකට අනුවර්තනය වීමේ හැකියාවත් ණය ලබා ගන්නා දුප්පත් ප්‍රජාවන් සමාජ හා දේශපාලන වශයෙන් සවිබලකරණයට (empowerment) ඇති හැකියාවත් එවැනි සමාජ වෙනස්කිරිම් සඳහා යොමුවිය හැකි සමාජ වගකීම් ප්‍රතිපත්තියක් ක් මූල්‍ය ආයතනයකට තිබේද යන්න ඇගයීමත් කෙරෙහි CERISE මෙවලම අවධානය යොමු කරයි.
CERISE ආයතනය භාවිතාකරණ සමාජ කාර්යඵල සාධනය මැණීමේ මෙවලම |
|
මිම්ම |
දර්ශකය |
1. දුප්පතුන් ආවරණය කිරීම (Outreach to poor ) |
|
2. ණයලාභීන්ගේ අවශ්‍යතා සඳහා සේවා සහ මූල්‍ය පහසුකම් අනුවර්තනය කිරීම (Adaptation of services and products to client needs ) |
|
|
3. ණයලාභීන්ගේ සමාජ සහ දේශපාලන ප්‍රාග්ධනය ඉහළ දැමීම (Improvement of social and political capital of clients) |
|
|
4. ආයතනයේ සමාජ වගකීම (Social responsibility of the institution) |
|
ACCION ආයතනය භාවිතාකරණ සමාජ කාර්යඵල සාධන මැණීමේ මෙවලම |
|
මිම්ම |
දර්ශකය |
1. සමාජ මෙහෙවර (Social Mission) |
|
2. දුප්පතුන් ආවණය කිරීම (Outreach) |
|
3. සේවා සැපයීම (Client service) |
|
4. තොරතුරුවල විනිවිදභාවය / සේවාලාභීන් සුරැකීම |
|
5. ප්‍රජාව සමග ඇති සහයෝගිතාවය (Association with Community) |
|
6. සේවක පරිසරය (Labour climate) |
|
2005 වර්ෂයේදී සී ගැප්(CGAP), ආජිඩියස් පදනම (Argidius Foundation) සහ ෆෝඩ් පදනම (Ford Foundation)වැනි කුඩා මූල්‍යකරණය ප්‍රවර්ධනයට සම්බන්ධ ජාල ආයතනවල (Network organizations) මැදිහත්වීම මගින් කුඩා මූල්‍යකරණ ආයතනවල සමාජ කාර්ය සාධන මෙහෙවර ඇගයීම අධ්‍යයනය කිරීම සඳහා කාර්ය සාධන කමිටුවක් (Task Force) පිහිටුවා ගන්නා ලදී. මේ වනවිට කුඩා මූල්‍යකරණයට සම්බන්ධ විවිධ ආයතන සහ ජාලයන් 150 ක් පමණ මෙම කාර්ය සාධන කමිටුව නියෝජනය කරයි. කුඩා මූල්‍යකරණ ආයතනවල සමාජ කාර්යඵල සාධනය ඇගයීම සඳහා පොදුවේ භාවිතාකළ හැකි දර්ශක ඇතුළත් ක්‍රමවේදයක් මේවනවිට නිර්මාණය කර ඇති මෙම කමිටුව එම දර්ශක කෙටුම්පතක් ලෙස එළි දක්වා ඇත. එම දර්ශක පහත දැක්වෙන අතර, මූල්‍ය තිරසාරත්වය ලෙසින්ම සමාජ අරමුණු සහ සමාජ මෙහෙවර කෙරෙහිද කුඩා මූල්‍යකරණ ආයතන විශාල අවධානයක් යොමුකළ යුතුය යන පණිවුඩය මෙම දර්ශක තුළින් පිළිබිඹු වේ.
මූලාශ්‍රය:
www.cgap.org/portal/binary/Documents/FocusNote_41.pdf
සී ගැප් ආයතනයට අනුබද්ධව කුඩා මූල්‍යකරණ ආයතනවල සමාජ අරමුණු ඇගයීම සම්බන්ධව පිහිටුවා ඇති සමාජ කාර්ඵල කාර්ය සාධන කමිටුව මගින් හඳුන්වාදී ඇති ලද සමාජ කාර්ඵල සාධන අරටු දර්ශක (කෙටුම්පත) |
|
සමාජ අරමුණු සාක්ෂාත්කර ගැනීම (Achieving Social Objectives) |
අභිප්‍රාය (Intent) |
ආයතනයේ මෙහෙවර (Mission) විස්තර කරන්න (එය නිර්මාණය කළ හා යාවත්කළ දිනයන්ද සඳහන් කරන්න) |
සමාජ අරමුණු හඳුනා ගැනීම: |
1. අන්ත දුප්පතුන්ට සේවා සැපයීම |
2. අඩු ආදායම්ලාභීන්ට සේවා සැපයීම |
3. කුඩා සහ මධ්‍යම ප්‍රමාණ ව්‍යවසායකයින්ට සේවා සැපයීම |
4. නොදියුණු ප්‍රදේශවල සේවා ආවරණය |
5. කාන්තාවන් සඳහා සේවා ආවරණය |
6. සමාජීය වශයෙන් කොන්වූ ප්‍රජා කන්ඩායම්වලට සේවා සැපයීම |
7. ස්වයං රැකියා සහ වෘත්තිය රැකියා ප්‍රවර්ධනයට සහයවීම |
8. සේවාලාභීන්ගේ හෝ ඔවුන්ගේ ගෘහස්ථවල සමාජ ආර්ථික විපර්යාසයන් නිරීක්ෂණය කිරීම |
9. සේවා සපයන ප්‍රදේශයේ ප්‍රජාවෙහි සමාජ ආර්ථික විපර්යාසයන් නිරීක්ෂණය කිරීම |
10. සේවාලාභීන් තෘප්තිමත් කිරීම |
11. ඔබ ආයතනයේ වෙනත් සමාජ අරමුණු තිබේද? |
කාර්ය ක්‍රමය (Process) සහ (Results) ප්‍රතිඵල |
1. සේවාලාභින්ගේ දරිද්‍රතා මට්ටම ආරම්භයේදීම මණිනවාද? |
2. එසේ දරිද්‍රතා මට්ටම මණින්නේ කෙසේද? |
3. පසුගිය වර්ෂයේ බැඳණු සේවාලාභීන්ගෙන් කිනම් ප්‍රතිශතයක් ජාතික දරිද්‍රතා රේඛාවෙන් පහළ ඇත්ද? |
4. පසුගිය වර්ෂයේ බැඳණු සේවාලාභීන්ගෙන් කිනම් ප්‍රතිශතයක් ජාතික දරිද්‍රතා රේඛාවෙන් පහළම 50%ට අයත් අයද? |
5. පසුගිය වර්ෂයේ බැඳණු සේවාලාභීන්ගෙන් කිනම් ප්‍රතිශතයක් දිනකට ඩොලර් එකකට අඩු දෛනික ආදායමක් ලබයිද? |
6. පසුගිය වර්ෂයේ බැඳණු සේවාලාභීන්ගෙන් කිනම් ප්‍රතිශතයක් දිනකට ඩොලර් 2 කට අඩු දෛනික ආදායමක් ලබයිද? |
7. දරිද්‍රතා මට්ටම මැණිමට වෙනත් මෙවලමක් භාවිත කරන්නේ නම් ඒ අනුව කිනම් සේවාලාභී ප්‍රතිශතයක් දිළිඳු ගණයට අයත්වේද? |
8. සේවාලාභීන්ගේ භූගෝලීය ව්‍යාප්තිය කුමක්ද? (නගර %, ග්‍රාමීය %, වතුකර % ආදී) |
9. සේවාලාභී කාන්තාවන්ගේ ප්‍රතිශතය (සියළුම සේවාලාභීන් අතර) |
10. සමාජීය වශයෙන් කොන්වූ සේවාලාභීන්ගේ ප්‍රතිශතය |
11. සේවාලාභීන්ගේ ආර්ථික මට්ටමේ වෙනස්වීම් ඔබ නිරීක්ෂණය කොට මණින්නේද? |
12. සේවාලාභීන්ගේ ආර්ථික මට්ටමේ වෙනස්වීම් නිරීක්ෂණය කොට මණින්නේ කෙසේද? |
13. දරිද්‍රතා රේඛාවෙන් ඉහළට යෑමට සමත්වූ සේවාලාභී ප්‍රතිශතය ක්‍රමක්ද? |
14. සේවාලාභීන්ගේ පවුල්වල පාසැල් යන වයසේ ළමයින්ගෙන් පාසැල් යන ප්‍රතිශතය ක්‍රමක්ද? |
15. සේවාලාභීන් තෘප්තියට පත්වන්නේදැයි සොයා බැලීමේ සමීක්ෂණයක් පසුගිය වර්ෂ 2 තුළ පැවැත්වූවාද, |
16. ඔබ ආයතනයේ සේවාවන්ගෙන් ඉවත්ව යන සේවාලාභීන් පිළිබඳ නිරන්තර සමීක්ෂණවල යෙදෙන්නේද? |
සමාජ වගවීම් තිබීම (Being Socially Responsible) |
අභිප්‍රාය (Intent) |
1. විධිමත්ව ලේඛනගත කළ සමාජ වගකීම් ප්‍රතිපත්ති හා චර්යා සංග්‍රහයක් (Socially Responsible Policy and Code of Conduct) ඔබ ආයතනයට තිබේද? |
2. එම ප්‍රතිපත්ති හො චර්යා සංග්‍රහය ආයතනයේ සේවකයන් පිලිබඳ අවධානය යොමුවන්නේද? |
3. එම ප්‍රතිපත්ති හො චර්යා සංග්‍රහය ආයතනයේ සේවාලාභීන් පිලිබඳ අවධානය යොමුවන්නේද? |
4. එම ප්‍රතිපත්ති හො චර්යා සංග්‍රහය ආයතනය ක්‍රියාත්මකවන ප්‍රදේශවල ප්‍රජාවන් පිලිබඳ අවධානය යොමුවන්නේද? |
5. එම ප්‍රතිපත්ති හො චර්යා සංග්‍රහය පරිසරය සුරැකීම පිලිබඳ අවධානය යොමුවන්නේද? |
කාර්ය ක්‍රමය (Process) |
දැනුවත්බව විපරම් කිරීම |
1. ඔබ ආයතනයයේ එම ප්‍රතිපත්ති හො චර්යා සංග්‍රහයේ සේවකයින් පිලිබඳ අවධානයේ දැනුවත්බව නිරන්තරයන් විපරම් කරන්නේද? |
2. ඔබ ආයතනයයේ එම ප්‍රතිපත්ති හො චර්යා සංග්‍රහයේ සේවාලාභීන් පිලිබඳ අවධානයේ දැනුවත්බව නිරන්තරයන් විපරම් කරන්නේද? |
3. ඔබ ආයතනයයේ එම ප්‍රතිපත්ති හො චර්යා සංග්‍රහයේ අවට ප්‍රජාවන් පිලිබඳ අවධානයේ දැනුවත්බව නිරන්තරයන් විපරම් කරන්නේද? |
4. ඔබ ආයතනයයේ එම ප්‍රතිපත්ති හො චර්යා සංග්‍රහයේ පරිසරය පිලිබඳ අවධානයේ දැනුවත්බව නිරන්තරයන් විපරම් කරන්නේද? |
ක්‍රියාත්මක කිරිම |
1. සේවකයින් සම්බන්ධව ඔබ ආයතනයයේ එම ප්‍රතිපත්ති හො චර්යා සංග්‍රහය ක්‍රියාවට නගන්නේ කෙසේද? |
2. සේවාලාභීන් සම්බන්ධව ඔබ ආයතනයයේ එම ප්‍රතිපත්ති හො චර්යා සංග්‍රහය ක්‍රියාවට නගන්නේ කෙසේද? |
3. අවට ප්‍රජාවන් සම්බන්ධව ඔබ ආයතනයයේ එම ප්‍රතිපත්ති හො චර්යා සංග්‍රහය ක්‍රියාවට නගන්නේ කෙසේද? |
4. පරිසරය සම්බන්ධව ඔබ ආයතනයයේ එම ප්‍රතිපත්ති හො චර්යා සංග්‍රහය ක්‍රියාවට නගන්නේ කෙසේද? |
අනුකූලතාවය |
1. සේවකයින් පිලිබඳ ඔබ ආයතනයේ ප්‍රතිපත්ති, තීරණ සහ ක්‍රියාවන් ආයතනයේ සමාජ වගකීම් ප්‍රතිපත්ති හා චර්යා සංග්‍රහයට අනුකූලවන්නේදැයි තහවුරු කරන්නේ කෙසේද? |
2. සේවාලාභීන් පිලිබඳ ඔබ ආයතනයේ ප්‍රතිපත්ති, තීරණ සහ ක්‍රියාවන් ආයතනයේ සමාජ වගකීම් ප්‍රතිපත්ති හා චර්යා සංග්‍රහයට අනුකූලවන්නේදැයි තහවුරු කරන්නේ කෙසේද? |
3. අවට ප්‍රජාවන් පිලිබඳ ඔබ ආයතනයේ ප්‍රතිපත්ති, තීරණ සහ ක්‍රියාවන් ආයතනයේ සමාජ වගකීම් ප්‍රතිපත්ති හා චර්යා සංග්‍රහයට අනුකූලවන්නේදැයි තහවුරු කරන්නේ කෙසේද? |
4. පරිසරය පිලිබඳ ඔබ ආයතනයේ ප්‍රතිපත්ති, තීරණ සහ ක්‍රියාවන් ආයතනයේ සමාජ වගකීම් ප්‍රතිපත්ති හා චර්යා සංග්‍රහයට අනුකූලවන්නේදැයි තහවුරු කරන්නේ කෙසේද? |
සමාජ කාර්යඵල සාධනය කළමණාකරනය (Managing Social performance) |
1. ආයතනයේ සමාජ හා මූල්‍ය අරමුණු තුලනාත්මකව පවත්වාගෙන යෑමට අවශ්‍ය අදහස් සහ දැණුම අධ්‍යක්ෂක මණ්ඩලය තුළ නියෝජනය වන්නේද? |
2. ආයතනයේ සමාජ හා මූල්‍ය අරමුණු තුලනාත්මකව පවත්වාගෙන යෑමට ධෛර්යමත්වීමට තරම් දීමනා සේවකයින් ලබන්නේද? |
3. සේවක බඳවා ගැනීම් සහ පුහුණු කිරීම් ක්‍රමවේදය ආයතනයේ සමාජ මෙහෙවර හා සැසදේද? |




