සීඝ්‍රයෙන් සිදුවන විපර්යාසයන්ට අනුරූපීවීමට කුඩා මූල්‍යකරණ ආයතනවලට හැකිවේද? අන්තර් කලාපීය සමීක්ෂණයක් මගින් කුඩා මූල්‍යකරණ ආයතන මුහුණ දෙන සහ ඉදිරියේදී වර්ධනයවන අවදානම් හඳුනාගැනේ.
The potential and growing risks of the microfinance sector are identified in a global survey
ලෝක බැංකුවට අනුබද්ධිත සහ කුඩා මුල්‍යකරණය ප්‍රවර්ධනයේ පුරෝගාමී සීගැප් (CGAP) ආයතනය සහ ඇමෙරිකානු සිටි බැංකුවට (Citi Bank) අනුබද්ධිත සිටි පදනමේ (Citi Foundation) අනුග්‍රයෙන් Centre for Study of Financial Innovation (CSFI) යන ආයතනය මගින් ගෝලීය මුල්‍යකරණ ක්ෂේත්‍රය මුහුණ දෙන සහ ඉදිරියේදී වර්ධනයවිය හැකි අවදානම් පිළිබඳව කරණ ලද සමීක්ෂණයේ වාර්තාව පසුගියදා එළිදැක්වින. 2007 ඔක්තොබර් සහ නොවැම්බර් කාලය තුළදී පවත්වන ලද මෙම සමීක්ෂණය සඳහා ලෝකයේ විවිධ කලාපවල (ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමෙරිකානු, මැද පෙරදිග ආදී වශයෙන්) රටවල් 74 ක ක්‍රියාත්මක කුඩා මුල්‍යකරණ ආයතන 305 කින් ප්‍රතිචාර ලබාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ ආයතන දෙකක්ද ඒ ආයතන අතරට ඇතුළත්වේ
මෙම සමීක්ෂණය කළ CSFI ආයතනය මූල්‍ය විශ්ලේෂණ සඳහා සාමාන්‍යයෙන් ආවරණය කරන්නේ වාණිජ බැංකු සහ රක්ෂණ සමාගම්වන අතර කුඩා මූල්‍යකරණ ආයතන පිළිබඳ මුල්වරට සමීක්ෂණයක් සඳහා එම ආයතනය යොදා ගැනීමම කුඩා මූල්‍යකරණ අංශය කෙතරම් ඉදිරියට පැමිණ සිටීද යන්න තහවුරු කරයි. කුඩා මූල්‍යකරණ අංශයේ වර්තමාන වාර්ෂික ප්‍රාග්ධන ආයෝජනය ඩොලර් බිලියන 1.5ක් පමණ වන අතර නව ආයෝජකයන් මෙම අංශය කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීම නිසා මෙම ආයෝජන ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩිවීමේ ප්‍රවනතාවයක්ද පෙන්නුම් කරයි.
එසේවුවද කුඩා මුල්‍යකරණ අංශය මුළුමණින්ම තිරසාරී වීමට තරම් එම ආයෝජන ප්‍රමාණවත් නොවන නිසා තවදුරටත් මෙම අංශය සඳහා සහණාධාර, අඩු පොළී ණය, තාක්ෂණික සහය සහ පාලන රෙගුලාසිවල යම් අන්දමක ලිහිල්බවක් ලැබිය යුතුබව සමීක්ෂණ වාර්තාවේ හැඳින්වීම මගින් පෙන්වා ඇත.
කුඩා මූල්‍යකරණ අංශයේ කෙතරම් දුර්වලතා තිබුණද ඍජුවම දුප්පතුන්ට හා ග්‍රාමීය අංශයට ගලා යන මුදල් අනුපාතය වෙනත් සංවර්ධන මැදිහත්වීම්වලට වඩා කුඩා මූල්‍යකරණයේදී වැඩි නිසා මෙම අංශය තවමත් ආකර්ෂණීය බවක් දක්වන බවද මෙම වාර්තාව ඉඟි කරයි.
එහෙත් ඉතා වේගයෙන් විපර්යාසයකට බඳුන් වෙමින් පවතින කුඩා මූල්‍ය ක්ෂේත්‍රය එම විපර්යාසයට ගැලපෙන් අයුරින් නෛතික, උපාය මාර්ගික, කළමනාකරණ ආදී ක්‍රමවේදයන් හැඩගස්වා නොගතහොත් බරපතල අවදානම් තත්වයන්ට මුහුණදිය හැකිබව පෙන්වා දෙන මෙම සමීක්ෂණ වාර්තාව තුළින් මතුකරන විශේෂිත අවදානම් කිහිපයක් වන්නේ:
අ) කුඩාමූල්‍යකරණය වර්ධනයවීමට පටන්ගත් මූලික අවධියේදී සියළුම පාහේ කුඩා මූල්‍යකරණ ආයතන උන්නදුවක් දැක්වූයේ දුප්පතුන් මූලික බැංකු සේවාවක් සඳහා වුවද, වර්තමානයේ දී එම සමාජ සංවර්ධන අරමුණෙන් බැහැරවූ අධික පොළී ආදායම් සහ අධික ලාභ ලැබීමේ පිළිවෙතකට කුඩා මූල්‍යකරණ ආයතන යොමුවීම අනාගතයේදී දරුණු අවදානමක් ලෙස වර්ධනයවිය හැකි බව (mission drift).
ආ) කුඩා මුල්‍යකරණයට දේශපාලනික මැදිහත්වීම්වලින් සහ නොගැලපෙන පාලන රෙගුලාසි මගින් (inappropriate regulations) හානි සිදුවීම.
ඇ) අළුත් කුඩාමූල්‍යකරණ ආයතන සීඝ්‍රයෙන් බිහිවීම සහ පවත්නා ආයතන ප්‍රසාරණය වීම නිසා ඇතිවන තරඟකාරිත්වය
ඈ) තරඟකාරිත්වයට හා සීඝ්‍රයෙන් වර්ධනයවන වාණිජකරණයට සරිලන කළමනාකරණ හා තාක්ෂණික මෙවලම් යොදා ගැනීමට අපොහොසත්වීම. උදාහරණයක් ලෙස සමහරක් ආයතන තොරතුරු කළමනාකරණය සඳහා තොරතුරු තාක්ෂණය වෙනුවට අවිධිමත් සහ ප්‍රාථමික ක්‍රම අනුගමනය කිරිම.
ඉ) සමාජ මෙහෙවර පසුබිම් කොට කුඩා මූල්‍යකරණ ආයතන ආරම්භ කරන්නන් හා ඉන්පසුව සිදුවන වාණිජකරණයේදී ඉස්මතුවන ආයෝජකයින් / කළමනාකරුවන් අතර පැනනඟින ප්‍රතිවිරෝධයන් (ownership risk)
මෙම සමීක්ෂණය මගින් සියළුම රටවල කුඩා මූල්‍යකරණ ආයතනවලට බලපාන අවදානම් වර්ග 29 ක් හඳුනාගෙන ඇති අතර. ඒවායේ තීව්‍රතාවය අනුව එක් වර්ගීකරණයක්ද වර්ධන වේගය අනුව තවත් වර්ගීකරණයක්ද කර ඇත.
ලෝකයේ සියළුම කලාපවල කුඩා මූල්‍යකරණ අංශයට පොදු අවදානම් වර්ග 29
හඳුනාගත් අවදානම් වර්ග (තීව්‍රතාවය අනුව අවරෝහණ අනුපිළිවෙලින්) Biggest risks (in descending order of intensity ) |
|
වර්ධනයන අවදානම් වර්ග (වර්ධන වේගය අනුව අවරෝහණ අනුපිළිවෙලින්) Fastest rising risks (in descending order) |
|
|
|
1. කළමනාකරණය උසස් තත්වයේ රඳා තබා ගැනීමට අපොහොසත්වීම (poor quality of management) |
|
1. තරඟකාරිත්වය |
2. ව්‍යාපාරික පාලනය යහපත්ව පවත්වා නොගැනීම (poor corporate governance) |
|
2. නුපුහුණු සහ නොගැළපෙන සේවක පිරිස් යොදා ගැනීම |
3. උචිත නොවන පාලන රෙගුලාසිවල බලපෑම (inappropriate regulations) |
|
3. දේශපාලන මැදිහත්වීම් |
4. පිරිවැය පාලනය කිරීමට අපොහොසත්වීම (inability to control costs) |
|
4. අවශ්‍යතාවයට වඩා මුදල් ගලා ඒම |
5. නුපුහුණු සහ නොගැළපෙන සේවක පිරිස් යොදා ගැනීම (inappropriate staffing) |
|
5. ණය ගෙවීම් පැහැර හැරීමේ අවදානම |
6. පොළී අනුපාතවල බලපෑම (interest rates) |
|
6. උපාය මාර්ගික සැලසුම්කරණයේ දුර්වලතා |
7. තරඟකාරිත්වය (competition) |
|
7. ආයතනයේ මූලික මෙහෙවරෙන් බැහැරවීමේ ප්‍රවනතාවය |
8. නිසි පරිදි තාක්ෂණය යොදා ගැනීමට අපොහොසත්වීම (inadequate use of technology) |
|
8. කුඩා මූල්‍යකරණ ආයතනවල අයිතිය පිළිබඳ ගැටළු |
9. දේශපාලන මැදිහත්වීම් (political interference) |
|
9. පොළී අනුපාත |
10. ණය ගෙවීම් පැහැර හැරීමේ අවදානම (credit risk) |
|
10. අපේක්ෂිත අරමුණු පිළිබඳ අධි තක්සේරුවක් තබා තිබීම |
11. විනිවිදභාවය නොමැතිවීම (lack of transparency) |
|
11. ආයතන ප්‍රතිරූපයට කැළැල් සිදුවීම |
12. විනිමය අනුපාත වෙනස්වීම්වල බලපෑම (foreign exchange fluctuation risk) |
|
12. ව්‍යාපාරික පාලනය යහපත්ව පවත්වා නොගැනීම |
13. අපේක්ෂිත අරමුණු පිළිබඳ අධි තක්සේරුවක් තබා තිබීම (unrealizable expectations) |
|
13. නිසි පරිදි තාක්ෂණය යොදා ගැනීමට අපොහොසත්වීම |
14. ආයතනයේ මූලික මෙහෙවරෙන් බැහැරවීමේ ප්‍රවනතාවය (mission drift) |
|
14. මූල්‍ය වංචා |
15. මූල්‍ය වංචා (fraud) |
|
15. ස්වාභාවික උවදුරු |
16. උපාය මාර්ගික සැලසුම්කරණයේ දුර්වලතා (poor strategic planning) |
|
16. පිරිවැය පාලනයකිරිමට අපොහොසත්වීම |
17. කුඩා මූල්‍යකරණ ආයතනවල අයිතිය පිළිබඳ ගැටළු (ownership issues) |
|
17. කළමනාකරණය උසස් තත්වයේ රඳා තබා ගැනීමට අපොහොසත්වීම |
18. කාර්යාලිය සහ පරිපාලන පද්ධතිවල දුර්වලතා (poor back office operations) |
|
18. විනිමය අනුපාත වෙනස්වීම්වල බලපෑම |
19. ආයතන ප්‍රතිරූපයට කැළැල් සිදුවීම (damage to reputation) |
|
19. මූල්‍ය නිෂ්පාදන ප්‍රමාණවත් සහ උචිත නොවීම |
20. මූල්‍ය ද්‍රවශීලතාවය අඩුවීම (low financial liquidity) |
|
20. ලාභංශ පහළ යෑම |
21. අවශ්‍යතාවයට වඩා මුදල් ගලා ඒම (overfunding) |
|
21. උචිත නොවන පාලන රෙගුලාසිවල බලපෑම |
22. ලාභංශ පහළ යෑම (low profitability) |
|
22. මූල්‍ය සේවා සැපයුම් මාර්ග හා ක්‍රමවේදවල දුර්වලතා |
23. ප්‍රධාන ආර්ථික ප්‍රවාහයේ ප්‍රවනතාවල බලපැම් (impact of macroeconomic trends) |
|
23. මූල්‍ය ද්‍රවශීලතාවය අඩුවීම |
24. මූල්‍ය නිෂ්පාදන ප්‍රමාණවත් සහ උචිත නොවීම (inadequate / inappropriate financial products) |
|
24. ප්‍රධාන ආර්ථික ප්‍රවාහයේ ප්‍රවනතාවල බලපැම් |
25. ප්‍රාග්ධන ආයොජනයන් ප්‍රමාණවත් නොවීම (inadequate investment capital) |
|
25. කාර්යාලිය සහ පරිපාලන පද්ධතිවල දුර්වලතා |
26. මූල්‍ය සේවා සැපයුම් මාර්ග හා ක්‍රමවේදවල දුර්වලතා (poor distribution channels) |
|
26. විනිවිදභාවය නොමැතිවීම |
27. ස්වාභාවික උවදුරු (natural hazards) |
|
27. නොකඩවා අරමුදල් ලබා ගැනිමේ නොහැකියාව |
28. නොකඩවා අරමුදල් ලබා ගැනිමේ නොහැකියාව (refinancing) |
|
28. ප්‍රාග්ධන ආයොජනයන් ප්‍රමාණවත් නොවීම |
29. අවශ්‍යතාවයට අඩුවෙන් මුදල් ගලා ඒම (inadequate funding) |
|
29. අවශ්‍යතාවයට අඩුවෙන් මුදල් ගලා ඒම |
සමීක්ෂණයේදී හඳුනාගත් අවදානම් වර්ග 29 න් ආසියානු කලාපයේ රටවල්වලට තදින්ම බලපාන අවදානම් 10 ක් ඒවායේ තීව්‍රතාවය හා වර්ධන වේගය අනුව පහත සඳහන් අන්දමින් ලැයිස්තුගතකර ඇත.
ආසියානු කලාපයේ මූල්‍යකරණ අංශයට පොදු ප්‍රධානම අවදානම් වර්ග 10
හඳුනාගත් අවදානම් වර්ග (තීව්‍රතාවය අනුව අවරෝහණ අනුපිළිවෙලින්) Biggest risks (in descending order of intensity ) |
|
වර්ධනයන අවදානම් වර්ග (වර්ධන වේගය අනුව අවරෝහණ අනුපිළිවෙලින්) Fastest rising risks (in descending order) |
|
|
|
1. නිසි පරිදි තාක්ෂණය යොදා ගැනීමට අපොහොසත්වීම (inadequate use of technology) |
|
1. පොළී අනුපාතවල බලපෑම (interest rates) |
2. කළමනාකරණය උසස් තත්වයේ රඳා තබා ගැනීමට අපොහොසත්වීම (poor quality of management) |
|
2. නුපුහුණු සහ නොගැළපෙන සේවක පිරිස් යොදා ගැනීම (inappropriate staffing) |
3. ව්‍යාපාරික පාලනය යහපත්ව පවත්වා නොගැනීම (poor corporate governance) |
|
3. ණය ගෙවීම් පැහැර හැරීමේ අවදානම (credit risk) |
4. නුපුහුණු සහ නොගැළපෙන සේවක පිරිස් යොදා ගැනීම (inappropriate staffing) |
|
4. ආයතනයේ මූලික මෙහෙවරෙන් බැහැරවීමේ ප්‍රවනතාවය (mission drift) |
5. තරඟකාරිත්වය (competition) |
|
5. උපාය මාර්ගික සැලසුම්කරණයේ දුර්වලතා (poor strategic planning) |
6. ආයතනයේ මූලික මෙහෙවරෙන් බැහැරවීමේ ප්‍රවනතාවය (mission drift) |
|
6. පොළී අනුපාතවල බලපෑම (interest rates) |
7. මූල්‍ය වංචා (fraud) |
|
7. මූල්‍ය වංචා (fraud) |
8. ආයතන ප්‍රතිරූපයට කැළැල් සිදුවීම (damage to reputation) |
|
8. මූල්‍ය නිෂ්පාදන ප්‍රමාණවත් සහ උචිත නොවීම (inadequate / inappropriate financial products) |
9. උපාය මාර්ගික සැලසුම්කරණයේ දුර්වලතා (poor strategic planning) |
|
9. නිසි පරිදි තාක්ෂණය යොදා ගැනීමට අපොහොසත්වීම (inadequate use of technology) |
10. ණය ගෙවීම් පැහැර හැරීමේ අවදානම (credit risk) |
|
10. ව්‍යාපාරික පාලනය යහපත්ව පවත්වා නොගැනීම (poor corporate governance) |
|
|
|
ආසියානු කලාපීය කුඩා මූල්‍යකරණ ආයතන සැලකිළ්ලට ගතයුතු කරුණු
ඉහත දැක්වූ ලෝකයේ සියළුම කලාපවල කුඩා මූල්‍යකරණ ආයතන පොදුවේ මුහුණ දෙන අවදානම් සහ ශ්‍රී ලංකාව නියෝජනවන ආසියානු කලාපීය ආයතනවලට පොදු අවදානම් ලැයිස්තු සැසඳූ විට ආසියානු කලාපීය කුඩා මූල්‍යකරණ ආයතනවලට ගම්‍යවන සහ ඒවා සැලකිලිමත්විය යුතු කරුනු කිහිපයක් නම්:
- අසියානු කලාපයේ කුඩා මූල්‍යකරණ ආයතන මුහුණ දෙන ප්‍රධාන අවදානම් වර්ග 10 න් හයක්ම ලෝකයේ සියළුම කුඩා මූල්‍යකරණ ආයතන මුහුණ දෙන ප්‍රධාන අවදානම් 10 ට ඇතුලත්වීම විශේෂත්වයකි. මේ අවදානම් හය වන්නේ අඩු තාක්ෂණ භාවිතය, දුර්වල කළමනාකරණය, දුර්වල ව්‍යාපාරික පාලනය, නුපුහුනු සේවක පිරිස්, තරඟකාරිත්වය සහ ණය ගෙවීම් පැහැර හැරීමයි.
- ඉතිරි අවදානම් වර්ග හතරද (සමාජ මෙහෙවරින් බැහැරවීම, මූල්‍ය වංචා, ආයතන ප්‍රතිරූපයට කැළැල් සිදුවීම හා දුර්වල උපාය මාර්ග) ලෝකයේ සියළුම කුඩා මූල්‍යකරණ ආයතන මුහුණ දෙන අවදානම් ලැයිස්තුවේ 10 – 20 ත් අතරට ඇතුලත්වේ.
- තරඟකාරිත්වය (competition) , නුපුහුණු අකාර්යක්ෂම සේවක පිරිස් යෙදවීම (poor staffing), මූලික සමාජ මෙහෙවරින් බැහැරවී ලාභ හඹා යෑම (mission drift) සහ මූල්‍ය වංචා (fraud) දැනටමත් සැළකිය යුතු ප්‍රමාණයේ අවදානම් වන අතර ඉදිරියේදී ඒවා සීඝ්‍රයෙන් වර්ධනයවීමේ හැකියාවද ඇති බව.
- ණයලාභීන්ගෙන් අයකෙරෙන පොළී අනුපාතයන් (interest rates) පිළිබඳ දැනට ගැටළු සහගත තත්වයක් නැතිමුත් ක්‍රමයෙන් වර්ධනයවී අනාගතයේදී අවදානමක් විය හැකි සාධකයක් බට පත්වීමේ ඉඩ කඩ තිබීම.
- ණය ගෙවීම් පැහැර හැරීම (credit risk) දැනට එතරම් අවදානමක් ලෙස නොසලකන නමුදු සීඝ්‍රයෙන් වර්ධනයවන ඉදිරියේදී තදින් අවධානය යොමුකළ යුතු සාධකයක් වීම.
- කුඩාමුල්‍යකරණය කළමනාකරණය සඳහා තාක්ෂණය (විශේෂයෙන් තොරතුරු තාක්ෂණය) යොදා ගැනීමට නෙහැකිවීම (poor technology utilization), තත්වයෙන් උසස් කළමනාකරණ විධි නොතිබීම (poor quality management) සහ දුර්වල ව්‍යාපාරික පාලනය (poor corporate governance) විශාල අවදානම් ගණයට අයත්වූවත් ඒවා සීඝ්‍රයෙන් වර්ධනය නොවන අනාගතයේදී විසඳා ගතහැකි ගැටළු ලෙස සැලකිය හැකි බව.
entDeliveryServlet/Documents/MF_BananaSkins2008.pdf




