සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

කුඩා මුල්‍යකරණ ආයතනවලට අනවශ්‍ය බරක් විය හැකි සමාජ කාර්යඵල සාධන ඇගයීම
(Social Performance Evaluation – priority or burden for MFIs)

සහශ්‍ර සංවර්ධන ඉලක්ක කරා ලඟාවීමට කුඩා මූල්‍යකරණය පිටිවහලක් වේද?
Can Microfinance help to achieve Millennium Development Goals?

සහශ්‍ර සංවර්ධන ඉලක්ක කරා ලඟාවීමට කුඩා මූල්‍යකරණය පිටිවහලක් වේද?
Can Microfinance help to achieve Millennium Development Goals?

සහශ්‍ර සංවර්ධන ඉලක්ක කරා ලඟාවීමට කුඩා මූල්‍යකරණය ඉවහල්වන බව සාමාන්‍ය පිළිගැනීම නමුත් කුඩා මූල්‍යකරණයට ඍජුව සම්බන්ධ දර්ශක භාවිතා කරමින් එම ඉලක්ක පසුවිපරමකට ලක්කල හැකි බව www.yearofmicrocredit.org/docs/mdgdoc_MN.pdf වෙබ් අඩවියේ ඇති වාර්තාවක් පෙන්වාදෙයි.

සහශ්‍ර සංවර්ධන ඉලක්ක

පසු විපරම් දර්ශකය

1. අධික දුප්පත්ම හා සාගින්න තුරන් කිරීම

  1. මූල්‍ය සේවා (ඉතිරි කිරිම්, ණය පහසුකම්, රක්ෂණය, මුදල් ප්‍රේක්ෂනය) ලබා ගැණීමට හැකි පුද්ගලයින් හෝ ගෘහස්ථ අනුපාතය.
  2. රක්ෂණ සේවා (ජීවිත, සෞඛ්‍ය, වාහන සහ අනිකුත්) ලබාගෙන ඇති ගෘහස්ථ අනුපාතය.
  3. ණය පදනම් මත නිවාස මිලට ගන්නා පවුල් අනුපාතය
  4. විශ්‍රාම ක්‍රමයක් සඳහා දායක වන ගෘහස්ථ අනුපාතය
  5. මූල්‍යායතන මගින් දුප්පත් පුද්ගලයින්ගේ ණය ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප කරණ ප්‍රතිශතය (පසුගිය වර්ෂයට සාපේක්ෂව පහළ යා යුතුයි)

 

2. සියල්ලට ප්‍රාථමික අධ්‍යාපනය ලබා දීම

  1. අධ්‍යාපනික කටයුතු සඳහා ණය පහසුකම් ලබාගන්නා ශිෂ්‍ය අනුපාතය.
  2. කුඩා මූල්‍යකරණ ආයතනවලින් ණය පහසුකම් ලබා ගන්නා දෙමාපියන් සිටින ශිෂ්‍ය අනුපාතය
  3. ඉතිරි කිරීම් දිරි ගැන්වෙන අධ්‍යාපනික ආයතන ප්‍රතිශතය
  4. මූල්‍යායතනවලින් අධ්‍යාපනය සඳහා දුප්පත් පවුල්වල දරුවන්ගේ ණය ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප කරණ ප්‍රතිශතය (පසුගිය වර්ෂයට සාපේක්ෂව පහළ යා යුතුයි)

3. ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ සමතාවය සහ කාන්තා සවිබලකරණය

 

  1. ව්‍යාපාරික, පාරිභෝජන සහ වත්කම් මිලට ගැණීම සඳහා ණය පහසුකම් ලබාගන්නා කාන්තා ප්‍රතිශතය.
  2. දුප්පත් කාන්තාවන්ට ඉතිරිකිරීමේ ගිණුම් පවත්වාගෙන යෑමට හැකි මූල්‍යායතන ප්‍රතිශතය
  3. දුප්පත් කාන්තාවන්ට තමාගේ නමින්ම ණය පහසුකම් ලබා ගැණිමට හැකි මූල්‍යායතන ප්‍රතිශතය
  4. කාන්තාවන් සඳහාම ණය වැඩ සටහන් ක්‍රියාත්මක කරණ මූල්‍යායතන ප්‍රතිශතය
  5. කුඩා මූල්‍යකරණ සේවාලාභී පවුල්වල පාසැල් යන ගැහැණු දරුවන්ගේ ප්‍රතිශතය
  6. මූල්‍යායතනවලින් කාන්තාවන්ගේ ණය ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප කරණ ප්‍රතිශතය (පසුගිය වර්ෂයට සාපේක්ෂව පහළ යා යුතුයි)

4. HIV /ඒඩ්ස්, මැලේරියා සහ අනිකුත් රෝග ව්‍යාප්තිය වැළැක්වීම

  1. රෝගී අවස්ථාවලදී ණය පහසුකම් ලබා ගැනීමට හැකි දුප්පත් පුද්ගලයින්ගේ ප්‍රතිශතය
  2. සෞඛ්‍ය රක්ෂණාවරන ලබා ගන්නා දුප්පත් පුද්ගලයින්ගේ ප්‍රතිශතය
  3. රෝගී අවස්ථා ආවරණය කරණ ණය රක්ෂණ ලබා ගන්නා පුද්ගලයින්ගේ ප්‍රතිශතය
  4. දුප්පත් ප්‍රජාවන්ට වෛද්‍ය සේවා සපයන ආයතනවලට ණය පහසුකම් සපයන මූල්‍යායතනවල ප්‍රතිශතය
  5. රෝගී තත්වයන් නිසා ණය පැහැර හරින දුප්පත් පුද්ගලයින්ගේ ප්‍රතිශතය (පසුගිය වර්ෂවලට සාපේක්ෂව අඩුවිය යුතුය)

5. පරිසරය සුරැකීම

  1. පරිසර ශුභවාදී විකල්ප ව්‍යාපාර සඳහා ණය පහසුකම් සපයන මූල්‍යායතන ප්‍රතිශතය
  2. නිවාස අළුත්වැඩියාව සඳහා ණය පහසුකම් ලබා ගන්නා ඉතා දුප්පත් සහ පැල්පත්වාසි පවුල්වල ප්‍රතිශතය

6. සංවර්ධනය සඳහා ඉවහල්වන ගෝලීය සහයෝගිතාවයන් ගොඩ නැගීම

  1. ගෘහස්ථ මට්ටමේ සැපයෙන ණය සහ වෙනත් මූල්‍ය සේවා පිළිබඳ සංඛ්‍යා ලේඛණ තිබෙන රටවල්වල ප්‍රතිශතය
  2. දිළිඳු පවුල්වලට මූල්‍ය සහ රක්ෂණ පහසුකම් සපයන විදේශීය ආයතනවල ප්‍රතිශතය