සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

පාසැල් ළමුන්ගේ දැණුම හා කුශලතා වර්ධනය තුලින් සාගර හා වෙරළ සංරක්ෂණය මෙන්ම රැකියා අවස්ථාද ජනිත කිරිම
Knowledge and skill development of students towards marine conservation and employment creation

ජාතික සංවර්ධන සැලැස්ම, පරිසර සංරක්ෂණය, දිළිඳුකම තුරන්කිරීම සහ අධ්‍යාපනය යන සියල්ල එකට බැඳුණු ප්‍රායෝගික නියමු වැඩ සටහණක් ෆිජී රටෙන් වාර්තාවේ.

ෆිජි දුපත්වල ජනගහණයෙන් 80% ක්ම ජීවත්වන්නේ අඩුම වශයෙන් කිලෝමීටර 5 ක් දුර වෙරළාසන්නයේය. එම නිසාම ඔවුන්ගේ පවුල්වල ආහාර සහ ආදායම් උත්පාදනය සඳහා මූලිකවන්නේ වන්නේ සාගරයයි. මේ සඳහා ධීවර කර්මාන්තයට අමතරව වෙරළ, කොරල් පර සහ කිමිදීම පාදක කරගත් සංචාරක කර්මාන්තයද බෙහෙවින් උපයෝගීවේ.

එසේවුවවත් ෆිජි රටේ වෙරළාසන්න ළමුන්ට පාසැල්වියේදීම මෙම ක්ෂේත්‍රයන්ට අදාළවන දැණුම ලබා ගැනීම සඳහා ක්‍රමවත් හා ඵලදායී අධ්‍යයන විෂය මාලාවක් නොතිබුණි. මීට අමතරව පාසැල් හැර යන ශිෂ්‍යයින්ට ධීවර හෝ සංචාරක ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය පාඨමාලා හැදෑරීමටද ඉඩකඩක් නොතිබිණ. මෙය ඔවුන්ගේ විරැකියාව සහ දිළිඳුකම වැනි ප්‍රශ්නවලට මෙන්ම සාගරය සහ වෙරළාසන්න පරිසර සංරක්ෂණයට ද බලපාන කරුණක්වන බැවින් තිරසාර ස්වාභාවික සම්පත් කලමනාකරණය (sustainable natural resource management) හා ඊට අදාල අධ්‍යාපනය ෆිජි රටේ 2007 – 2011 පස් අවුරුදු ජාතික සැලැස්මෙහි ප්‍රධාන තේමාවන් බවට පත් කර ඇත.

මේ අනුව ඔස්ට්‍රේලියානු රජයේ ආධාර ඇතිව ක්‍රියාත්මක කරණ නියමු වැඩ සටහණක් (pilot project) මගින් වෙරළාසන්න ද්වීතියක පාසැල්වල අධ්‍යාපන විෂය මාලාවට සාගර පරිසර විද්‍යාව හා සංරක්ෂණය (marine ecology and conservation), පරිසර සංචාරණය (eco-tourism) වැනි ක්ෂේත්‍ර අන්තරගත කර ඒවා ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරුන් පුහුණු කිරීමද ආරම්භ කර ඇත.

මෙම විෂයමාලා තුළ මත්ස්‍ය, කොරල් පර, කඩොලාන සහ වෙරළ සංරක්ෂණය, ධීවර කර්මාන්තය හා බැඳුණු සාම්ප්‍රදායික හා සංස්කෘතික ලක්ෂණ, සංචාරක හා ධීවර කර්මාන්තවලින් නිකුත්වන අපද්‍රව්‍ය කළමනාකරණය, බෝට්ටු එන්ජින් අළුත්වැඩියා කිරීම, ‍බෝට්ටු සෑදීම හා පැදවීම, කිමිදීම, මසුන් සහ මුහුදු පැලෑටි වගා කිරීම (fish and sea weed farming), මාළු ගබඩා කිරීමේදී හා ප්‍රවාහනයයේදී අපතේ යන ප්‍රමාණය අවම කිරීම (reduce post harvest fish losses), මාළු සැකසීම (වේලීම සහ දුම් ගැසීම) වැනි පුළුල් පරාසයක ඇති විෂයයන් රාශියක් ඇතුලත්වේ.

මේ විෂයයන්ට අදාළ ප්‍රායෝගික පුහුණුව සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙන්ම පාසැල් හැර යන ළමුන් යම් ප්‍රමාණයක් බඳවා ගැනීමටද  එම ක්ෂේත්‍රවල නියුතු ව්‍යාපාර දැනටමත් කැමැත්ත පළකර ඇත. මීට අමතරව මෙවැනි මූලික අධ්‍යාපනයකින් පසුව වැඩිදුර වෘත්තීය හෝ විශ්ව විද්‍යාල මට්ටමේ පාඨමාලා හැදෑරීමටද ‍අවශ්‍ය පහසුකම් සැපයීමට ෆිජී අධ්‍යාපන බලධාරීන් අපේක්ෂා කරයි.
පාසැල් හැර යන සිසුන්ට රැකියා අවස්ථා ජනිත කරවන අතරම දැණුම හා ආකල්ප වර්ධනය මගින් සාගර සහ වෙරළ සංරක්ෂණයට අනාගත තරුණ පරම්පරාව ලබාදෙන දායකත්වය වැඩි කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණක්වී ඇත.

මූලාශ්‍රය: http://www.fijitimes.com/story.aspx?id=95552

හස්ත කර්මාන්තකරුවන්ගේ ‍ප්‍රජාමූල ග්‍රාමීය සමාගම් - ග්‍රාමීය නිෂ්පාදකයින් වාණිජ වෙළඳපලේ කොටස්කරුවන් කරණ ඉන්දියාණු ව්‍යාපාරික සමාගමක සාර්ථක ප්‍රයත්නයක්
Inclusive capitalism: Setting up of community owned companies for rural weavers & crafts people in India

ෆැබ්-ඉන්දියා (FabIndia) නමැති අත්කම් රෙදිපිළි, හස්ත කර්මාන්ත භාණ්ඩ, ඇඳුම් සහ විවිධ මොස්තර ආභරණ අලෙවි කෙරෙන ජනප්‍රිය සිල්ලර සාප්පු දාමය (retail chain of shops) මගින් ග්‍රාමීය කර්මාන්තකරුවන්ගේ අලෙවිය සහ වත්කම් අගය (asset value) ඉහළ දැමීම අරමුණුකර ගනිමින් ප්‍රජාමූල සමාගම් (community owned companies) ප්‍රවර්ධනය කිරීමේ නවතම ප්‍රයත්නයක් පිලිබඳ ප්‍රවෘත්තියක් ඉන්දියාවෙන් වාර්තාවේ.

මේ සඳහා එම සාප්පු දාමය මගින් කරනු ලබන්නේ ඈත ගම්මානවල විවිධ අත්කම් භාණ්ඩ හා රෙදිපිළි නිෂ්පාදනය කෙරෙන සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ගේ ග්‍රාමීය සමාගම් ලියා පදිංචි කොට එම සාප්පු දාමයට අවශ්‍ය භාණ්ඩ සැපයීමේ කොන්ත්‍රාත්තු මෙම ග්‍රාමීය සමාගමවලට ලබා දීමයි. ග්‍රාමීය සමාගම් මගින් අදාළ ප්‍රදේශවල හස්ත කර්මාන්තකරුවන් ලවා භාණ්ඩ නිෂ්පාදන කරවා ‍ෆැබ්-ඉන්දියා සාප්පු ජාලයට ඒවා අලෙවි කිරීම සිදුකරයි. මෙම ග්‍රාමීය සමාගමක් සත්‍ය වශයෙන්ම සිදුකරන්නේ හස්ත කර්මාන්තකරුවන් සහ සාප්පු ජාලයේ අතරමැදි අලෙවි කාර්යභාරයකි (intermediary sales role).  එහෙත් මෙම අතරමැදි කාර්යභාරයේ වැදගත්ම කාර්යක් වන්නේ සාප්පු ජාලයට අවශ්‍ය භාණ්ඩයන්වල මෝස්තර සහ භෞතික ගුණාංගවල තත්වය අවශ්‍ය උසස් මට්ටමින් පවත්වා ගැනීමයි.

මෙවන් ග්‍රාමිය හස්ත කර්මාන්ත සමාගම් පිහිටුවීමේදී අවශ්‍ය මූලික කොටස් ආයෝජන සපයා ගැනීමේ  ක්‍රමයක්ද මෙම නවතම ව්‍යාපාරික ආකෘතිය (business model) මගින් සැපයේ. එම ආකෘතියට අනුව ‍ෆැබ්-ඉන්දියා සමාගමද ඊට අනුබද්ධ කුඩාමූල්‍යකරණ සමාගමක්ද (Artisans microfinance) සහ ප්‍රාග්ධන ආයෝජන සමාගමක්ද (venture capital fund) එකතුව සැදුම්ලත් අරමුදලක් මගින් අදාල ග්‍රාමීය හස්ත කර්මාන්ත සමාගමේ කොටස්වලින් 49% ක්ද, ග්‍රාමිය හස්ත තර්මාන්තකරුවන් විසින් 26% ක්ද, එම ග්‍රාමීය සමාගමේ සේවකයින් විසින් 10% ක්ද සහ වෙනත් පෞද්ගලික ව්‍යාපාරිකයින් මගින් කොටස්වලින් 15% ක්ද බෙදීයනසේ ගෙවා-නිමි ප්‍රාග්ධන කොටස් (paid up capital) මිලදී ගැනීම සිදුවෙයි.

මෙසේ පිහිටුවා ගන්නා ප්‍රජාමූල ග්‍රාමීය සමාගම් ෆැබ්-ඉන්දියා සාප්පු ජාලයට පමණක් භාන්ඩ අලෙවිකළ යුතුයැයි කොන්දේසියක් නොමැති අතර දැනටමත් ජොද්පූර් සහ ෆරිදාබාද්වල පිහිටුවා ඇති ග්‍රාමීය පේෂ කර්මාන්ත සමාගම් දෙකක් මේවන විට ‍ෆැබ්-ඉන්දියා සාප්පු ජාලයට අමතරව වෙනත් ගැණුම් කරුවන්ටද තම ප්‍රදේශයේ භාණ්ඩ අලෙවි කිරීමේ යෙදී සිටි.

මෙම ග්‍රාමීය පේෂ හෝ හස්තකර්මාන්ත අලෙවි සමාගම් විසින් තම ගම්මානවල හස්ත කර්මාන්තකරුවන්ට යම්කිසි භාන්ඩ ඇණවුමක් ලබාදුන් පසු එම ඇණවුම් භාණ්ඩ සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ගැනීමට හෝ අවශ්‍ය නම් අළුත් යන්ත්‍ර සූත්‍ර ගැනීම සඳහාද බැංකුවලින් ණය පහසුකම් සංවිධානය කරනු ලබයි.

දැනට අවුරුද්දකට පෙර ජෝද්පූර්වල පිහිටුවන ලද ප්‍රජාමූල ග්‍රාමීය පේෂ කර්මාන්ත සමාගමේ ගෙවා-නිමි කොටස්වල අගය ඉන්දියානු රුපියල් මිලියන 3.4 ක් වූ අතර ග්‍රාමීය හස්ත කර්මාන්තකරුවන් 2300 ක් විසින් එම කොටස්වලින් 26% ක් කොටස් මිලට ගෙන තිබුණි. පළමු වර්ෂය අවසානයේදී මෙම සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය (profit after tax) රුපියල් මිලියන 2.2 ක්වූ අතර සමාගමේ කොටස්වල අගය රුපියල් මිලියන 11 ක් දක්වා වැඩිවිවිය. මෙම ආයෝජනය කරණ අවස්ථාවේ තරමක සැකයකින් සිටි ග්‍රාමීය හස්ත කර්මාන්තකරුවන්ට තම ආයෝජිත මුදලේ අගය අවුරුද්දක් තුළදී තුණ් ගුණයකින් වැඩිවීම අදහා ගැනීමට පවා නොහැකි කරුණක්විය. අවශ්‍ය නම් මෙම හස්ත කර්මාන්තකරුවන්ට තම කොටස් එකිනෙකා අතර විකිණීමේ සහ මිලට ගැනීමේ හැකියාවද ඇත. නැතහොත් තම කොටස් ඇපයට තබා බැංකු ණයක් ගැනීමටද ඔවුන්ට හැක.

මේවනවිට මෙවැනි ග්‍රාමීය සමාගම් 17 ක් (ග්‍රාමීය පේෂ සහ හස්ත තර්මාන්තකරුවන් 6000 ක් පමණ කොටස් මිලට ගෙන ඇති) ෆැබ්-ඉන්දියා සාප්පු ජාලය විසින් ප්‍රවර්ධනය කර ඇති අතර ග්‍රාමීය කර්මාන්තකරුවන් 100,000 ක පමණ ආයෝජනය සහිතව මෙවැනි ග්‍රාමීය සමාගම් 100 ක් පිහිටුවීමට එම සාප්පු ජාලය අපේක්ෂා කරයි.

ෆැබ්-ඉන්දියා සමාගමට දැනටමත් ඉන්දියාව පුරා සාප්පු 85 ක් ඇති අතර ඒවායේ මුළු වාර්ෂික පිරිවැටුම ඉන්දියානු රුපියල් බිලියන තුනක් ඉක්මවයි. එහි විශේෂත්වය වන්නේ මුළු අලෙවියෙන් 90% ක්ම දේශීය (ඉන්දියාව තුළම) වීමයි.

ෆැබ්-ඉන්දියා සමාගමේ ප්‍රධානියාට අනුව බොහෝ පෞද්ගලික සමාගම් තම සමාජ වගකීම් ප්‍රවර්ධනය (corporate social responsibility – CSR promotion) සඳහා වෙනම දෙපාර්තමේන්තු හෝ ඒකක පිහිටුවා විවිධ සමාජ සංවර්ධන වැඩ කරණමුත් තම සමාගම වෙනත් ලෙසකින් එම කාර්ය සිදුකරයි. ෆැබ්-ඉන්දියා කරණුයේ ග්‍රාමීය සැපයුම්කරුවන් තම සමාගමේ වර්ධනයේ කොටස්කරුවන් කර ගනිමින් ඔවුන් රටේ මහ ආර්ථිකයත් සමග බද්ධ කිරීමය. ධනවාදය (capitalism) බොහෝවිට ගැරහීමට ලක්වන්නේ එය සහභාගිත්ව ධනවාදයක් (inclusive capitalism) නොවන නිසාය. එම නිසා ග්‍රාමීය කර්මාන්තකරුවන්ටත් තම සමාගමේ වර්ධනයත් සමගම සමාජ-ආර්ථික වර්ධනයක් ලබාගැනීමට වාණිජ-වෙළඳපල ක්‍රමයම (market based system) භාවිතා කිරීම ෆැබ්-ඉන්දියා සමාගමේ අරමුණවී තිබේ.

ප්‍රජාමූල ග්‍රාමීය සමාගම්වල කොටස්හිමි පේෂ කර්මාන්තකරුවන් පවසන අන්දමට ඔවුන් මීට පෙර යැපුණේ අතරමැදි වෙළෙන්දන් විසින් අමු ද්‍රව්‍ය ලබාදී තමන් වියන සාරි වෙනත් භාණ්ඩ ගණන අනුව ශ්‍රමයට පමණක් කරණ ගෙවීමෙන්ය. එහෙත් ඔවුන් දැන් නිෂ්පාදන මෙන්ම අලෙවි ක්‍රියාදාමයේද මූලික කොටස්කරුවන්වී ඇත.

මෙම ව්‍යාපාරික මොඩලය කෙතරම් සාර්ථකද කිවහොත් ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික සිද්ධි අධ්‍යයනයක් ලෙස ෆැබ්-ඉන්දියා ප්‍රජාමූල ග්‍රාමීය කර්මාන්ත සමාගම් ක්‍රමවේදය භාවිතා කරණු ලබයි.

මූලාශ්‍රය:   http://www.business-standard.com/common/news_article.php?leftnm=lmnu1&subLeft=2&autono=326246&tab=r