සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

දිළිඳුකම අවම කිරීමේ නව උපාය මාර්ගයක්: සංචාරක කර්මාන්තය දුප්පතුනට නැඹුරු කිරීම (Pro-poor tourism – A New Strategy for Poverty Reduction)

අ) දුප්පතුනට නැඹුරු සංචාරක කර්මාන්තය යනු කුමක්ද?

සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල්තුළ සංචාරක ව්‍යාපාරය ආදායම් සහ රැකියා උත්පාදනයේදී  සැලකිය යුතු ප්‍රමාණයක දායකත්වයක් ලබා දෙයි. එවැනි රටවල් සඳහා මෙම ‍ක්ෂේත්‍රය වඩා වැදගත් වන්නේ එම ආදායමින් විශාල ප්‍රමාණයක් විදේශ විනිමය ලෙස ගලා ඒමයි. ගැටුම්කාරී වාතාවරණයන්, දේශගුණික විපත් සහ සංවර්ධිත රටවල්වල උද්ධමනය වැනි බාහිර හේතූන් නිසා සංවර්ධනයවන රටවල්වල සංචාරක ව්‍යාපාරය වරින්වර පසුබෑම්වලට ලක්වුවද නොයෙකුත් ප්‍රතිපත්තිමය සහ ව්‍යාපාරික උපාය මාර්ග තුළින් මෙම‍ කර්මාන්තය පණගන්වමින් පවත්වාගෙන යෑම සංවර්ධනය වෙමින් පවතින රටවල්වල අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිපත්තියක් බවට පත්ව ඇත.

පටු ආර්ථික සංවර්ධන අරමුණෙන් තරමක් බැහැර වන සංචාරක කර්මාන්තය තුළ විවිධ සමාජ සංවර්ධන අරමුනු මුල්කර ගත් උප ක්ෂේත්‍ර කිහිපයක් පසුගිය දශක දෙකක පමණ කාලය තුල බිහිවනු දකින්නට හැකිවිය.  උදාහරණයන් නම්: තිරසාර සංචාරණය (sustainable tourism), පාරිසරික සංචාරණය (eco-tourism), ප්‍රජා මූලික සංචාරණය (community based tourism) සහ දුප්පතුන්ට නැඹුරු සංචාරණයයි (pro-poor tourism).  එකිනෙකට වෙනස් නම්වලින් හැඳින්වෙන මෙම උප ක්ෂේත්‍ර අතර සමානකම් හා අසමානකම් බොහෝමයක් දකින්නට ඇත. එහෙත් මේ අතුරින් දිළිඳුකම තුරන් කිරීමේ අභියෝගයට වඩා සාර්ථකව මුහුණදීමට හැකිවන්නේ දුප්පතුනට නැඹුරු සංචාරණයයි.

දුප්පතුනට නැඹුරු සංචාරණයේ මූලික අරමුණ වන්නේ සංචාරක කර්මාන්තයේ වාසි දුප්පතුනට අත්පත් කරදිමයි.  අප සාමාන්‍යයෙන් විශ්වාස කරන පරිදි දිළිඳුකම අවම කිරීමට නම් රටක ආර්ථික වර්ධනයක් අවශ්‍යය. එහෙත් ඒ සඳහා ආර්ථික වර්ධනය පමණක් නොසෑහේ.  අප වඩාත් සැලකිළිමත් විය යුත්තේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ දුප්පතුන්ගේ අභිවෘද්ධිය සඳහා යොමුකරවිමයි.  සංවාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමය ආදායම සහ ජාතික ආදායමට එයින් ලැබෙන දායකත්වය කෙතරම් වැඩිවුවත් එහි වාසි දුප්පතුන්ට නිරායාසයෙන්ම කාන්දුවේයැයි (trickle down) යන උපකල්පනයෙන් බැහැරවන දුප්පතුනට නැඹුරු සංචාරණ සංකල්පය එසේ වීමට නම් ඒ සඳහාම කැපවූ පූර්ව සූදානමක් (proactive) තිබිය යුතුබව අවධාරනය කරයි.

සංචාරක කර්මාන්තය විශාල වශයෙන් රැකියා සහ ව්‍යවසායක අවස්ථා බිහිකරන අතර සංචාරකයින් සඳහා ප්‍රදේශිය භාණ්ඩ සහ සේවා අලෙවියටත් ඉඩ ප්‍රස්ථා ලබාදේ. එහෙත් බොහෝවිට දුප්පතුන්ට මේ සඳහා ඉඩකඩ ලැබෙන්නේ ඉතා අල්ප වශයෙනි. සංචාරක ප්‍රදේශවල ඉඩම් සහ වෙනත් සම්පත් හිමි නොවීම, ප්‍රාග්ධනය නොමැතිකම, අඩු අධ්‍යාපනික මට්ටම සහ කුශලතා නොමැතිකම වැනි කරුණු නිසා එම අවස්ථා සහ වාසි වැඩිවශයෙන්ම ලැබෙන්නේ එම ප්‍රදේශවලින් බැහැර දුප්පතුන් නොවන්නන්ටය.

සංචාරණ කර්මාන්තය දුප්පතුන් සඳහා නැඹුරු කරවීම එහි නියැලි ව්‍යාපාරික ප්‍රජාවටම අයත් වගකීමක්ද නොවේ. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ දුප්පතුන්ට අවස්ථා පාදන ලෙසින් සංචාරක ප්‍රදේශ සංවර්ධනය කිරීම (destination development) රජයන් සතු වගකීමකි. මේ පිළිබඳ කරුණු දක්වන  http://www.id21.org/insights/insights62/index.html වෙබ් අඩවිය ලාඕස ජනරජය සහ දකුණු අප්‍රිකානු රජයන් තම රටවල්වල සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ ජාතික උපාය මාර්ග සහ ක්‍රියාත්මක සැලසුම් තුළ සංචාරක කර්මාන්තය දුප්පතුන්ට නැඹුරු කිරීමේ ප්‍රයත්නයන් උදාහරණ ලෙස දක්වා ඇත. තවද 2015 දි ලඟාකර ගත යුතු දිළඳුකම අවම කිරීමේ සහස්‍ර සංවර්ධන ඉලක්ක (millennium development goals) වෙත ලඟාවීමේදී ඒ සඳහා සංචාරක කර්මාන්තයන් ලබාගත හැකි දායකත්වය සුළුකොට නොතැකිය යුතු බවද මෙම වෙබ් අඩවිය අවධාරණය කරයි.

ආ) දුප්පතුනට නැඹුරු සංචාරක කර්මාන්තය අනෙකුත් විකල්ප සංචාරණ ක්‍රම වලින් වෙනස්වන්නේ කෙසේද?

දුප්පතුනට නැඹුරු සංචාරක කර්මාන්තය සහ තිරසාර සංචාරක කර්මාන්තය
Pro-Poor Tourism vs. Sustainable Tourism

  • තිරසාර සංචාරක සංකල්පයෙහි අවධානය වඩා යොමුවන්නේ සංවර්ධිත රටවල විශාල සහ ප්‍රධාන ප්‍රවාහයට අයත් සංචාරක ප්‍රදේශ සහ මධ්‍යස්ථානවලට (large and mainstream destinations) වන අතර දුප්පතුනට නැඹුරු සංචාරක කර්මාන්තය ඉලක්ක කරන්නේ සංවර්ධනය වන දුප්පතුන් අධික රටවල්ය.
  • තිරසාර සංචාරක සංකල්පය වඩාත් සැලකිලිමත් වන්නේ පාරිසරික කරුණු කෙරෙහි වන අතර තරමක් දුරට සමාජීය සහ ප්‍රාදේශීය අවශ්‍යතා කෙරෙහිද අවධානය යොමු කරයි. දුප්පතුනට නැඹුරු සංචාරක කර්මාන්තයේ ප්‍රධාන ඉලක්කය දිළිඳු කම අවම කිරීමය.
  • තිරසාර සංචාරණය ප්‍රවර්ධනයේදී ප්‍රායෝගික එලඹුම්වලට වඩා කාර්ය පටිපාටි සහ නෛතික කරුණු (procedures and regulations) වැදගත්වේ.  උදාහරණය: බලශක්ති පිරිමැසුම් ක්‍රම අනුගමනය කිරීම සහතික කරවා ගැනීම (certification of energy saving methods). එහෙත් දුප්පතුනට නැඹුරු සංචාරණය ප්‍රවර්ධනයේදී වඩාත් අවශ්‍යවන්නේ ප්‍රජා සම්බන්ධතා ගොඩ නගා ගැනීමයි.

දුප්පතුනට නැඹුරු සංචාරක කර්මාන්තය සහ පාරිසරික සංචාරණය
Pro-Poor Tourism vs. eco-Tourism

  • පාරිසරික සංචාරණ ප්‍රයත්නවලින් දුප්පත් ප්‍රජාවන්ට වාසි සැලසුනද මූලික අභිප්‍රාය පරිසරය සුරැකීමයි. උදාහරණයක් ලෙස ගතහොත් වනාන්තරයක් ආශ්‍රිත ප්‍රජාවක් සංචාරණය ආශ්‍රිත ආදායම් උත්පාදනයන්ට යොමුකිරීමේ ප්‍රධාන අපේක්ෂාව වනාන්තරය ආරක්ෂා කිරීමයි. එහෙත් දුප්පතුනට නැඹුරු සංචාරණයේදී මූලික අභිප්‍රාය වන්නේ දුප්පත් ප්‍රජාවන්ට එම සංචාරක ක්‍රියාවලිය තුළින්ම ශුද්ධ ප්‍රතිලාභ (net benefits) අත්කර දීමයි. එහිදී පරිසර සංරක්ෂණය ද්වීතීයක අරමුණක් වේ.

දුප්පතුනට නැඹුරු සංචාරක කර්මාන්තය සහ ප්‍රජා පාදක සංචාරණය
Pro-Poor Tourism vs. Community Based Tourism

ප්‍රජා පාදක සංචාරණයේදී අරමුණ වන්නේ සංචාරක ප්‍රදේශවල වෙසෙන ජනයා සංචාරක කටයුතු සඳහා සම්බන්ධ කරගැනීමෙන් ඔවුන්ට යම් ආර්ථික ප්‍රතිලාභ අත්කර දීමයි.  මෙය දුප්පතුනට නැඹුරු සංචාරණ ක්‍රමයේ එක් අංගයක් පමණකි.  එයින් ඔබ්බට යන දුප්පතුනට නැඹුරු කිරීමේ සංකල්පය සංචාරණ ක්‍රියාවලිය තුල ඇති ආර්ථික අවස්ථා සහ ප්‍රතිලාභ නෙලා ගැනීම සඳහා පෙර සූදානමකින් දුප්පතුන් තෝරා ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය දැනුම, කුශලතා සහ සම්බන්ධතා ගොඩ නැගීම කෙරෙහි ඉමහත් අවධානයක් යොමු කරයි.

ඇ) සංචාරක කර්මාන්තය  දුප්පතුන්ට නැඹුරු කිරීමේ සංකල්පයේ මූලිකාංග

  • සංචාරක කර්මාන්තයේ අදායම් ගලායෑම දුප්පතුනට වාසිවන අන්දමින් වෙනස් කිරීමට උත්සහ දැරීම
  • මේ සංකල්පය මගින් අදහස් කරන්නේ විශේෂිතවූ හෝ නිශ්චිත නිෂ්පාදනයක් නොවේ (not a specific tourism product). ඕනෑම සංචාරණ ක්‍රමයකට දුප්පතුනට නැඹුරු ක්‍රමයක් වීමටද හැක.
  • බොහෝ විකල්ප සංචාරණ ක්‍රම විශේෂිත වෙළඳපොලවල් (niche tourism markets) ඉලක්ක කරමින් ප්‍රචාරණය වන නමුත් දුප්පතුනට නැඹුරු සංචාරණය එසේ වාණිජ වෙළඳපොලක් ඉලක්ක නොකරයි.
  • සංචාරක ව්‍යාපාරයන් මෙම ක්‍රමයට අනුබල දිමේදී තම ව්‍යාපාර වලට අවශ්‍ය භාණ්ඩ සහ සේවා හැකි තරම් ප්‍රාදේශිය මට්ටමේ සහ දුප්පත් ප්‍රජාවන් තුළින් ලබා ගැනීම අත්‍යවශ්‍යය.
  • මෙසේ දුප්පතුන් සඳහා සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ ඉලක්ක කිරීමේදී පූර්ව සැලසුමකට අනුව එසේ කිරීම ඉඳහිට හෝ අහඹු ලෙස කරනවාට වඩා හොඳ ප්‍රතිඵල ගෙනදේ.
  • පෞද්ගලික සංචාරක ව්‍යාපාර මේ සඳහා පෙළඹවීමට සහ ඒවායේ ප්‍රයත්නයන් පහසුකරවීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමද අත්‍යවශ්‍යය.
  • සංචාරක වෙළඳපොලට අවශ්‍ය භාණ්ඩ සහ සේවා සැපයීමේදි සම්බන්ධතා, තොරතුරු, කුශලතා සහ ආරම්භක ප්‍රාග්ධනය නොමැතිකම වැනි දුප්පත් ප්‍රජාවන් මුහුණ පාන බාධක ඉවත් කිරීම අත්‍යවශ්‍යමය.

ඈ) සංචාරක කර්මාන්තය දුප්පතුන්ට නැඹුරු කිරීමේදී දක්නට ඇති උපාය මාර්ග

දුප්පතුනට ලැබිය හැකි ප්‍රතිලාභ අනුව මෙම උපාය මාර්ග කාණ්ඩ තුනකට බෙදිය හැකිය. ඒවා නම්: ඍජු ආර්ථික වාසි අයත් කරදෙන උපාය මාර්ග, වෙනත් ජීවනෝපාය උපාය මාර්ග සහ සවිබලකරණ උපාය මාර්ගයි.

ඍජු ආර්ථික වාසි ලබාගැනීමේ උපාය මාර්ග නම් (Income Enhancement Strategies):

  • රැකියා උත්පාදනය (Employment generation) - දුප්පත් ප්‍රජා කොටස් වලට රැකියා අවස්ථා වෙන් කිරීම සහ ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පුහුණු ලබාදීම
  • කුඩා ව්‍යාපාරික අවස්ථා ජනනය (creation and expansion of micro-enterprise opportunities)- සංචාරක ව්‍යාපාරික ආයතනවලට සහ සංචාරකයින්ට අවශ්‍ය භාණ්ඩ සහ සේවා ඍජුව සැපයීමට දුප්පත් පුද්ගලයින්ට අවස්ථා ඇති කිරීම;  (උදාහරණ: මග පෙන්වන්නන් ලෙස, ආහාරපාන සැපයිමෙන්, විසිතුරු සහ දේශීය භාණ්ඩ අලෙවිය මගින්). එවැනි ව්‍යාපාර හඳුනා ගැනීමට, ආරම්භ කිරීමට, කළමණාකරනය කිරිමට සහ වැඩි දියුණු කිරීමට අවශ්‍ය මග පෙන්වීම, පුහුණුව සහ ආයෝජන පහසුකම් ලඟාකර දීම.
  • සාමූහික ආදායම් උත්පාදන (Collective income generation) - සාමූහික ප්‍රජා ආයෝජන දිරි ගැන්වීම, බාහිර ව්‍යාපාර සහ ප්‍රජා ආයතන අතර ව්‍යාපාරික සහයෝගිතාවන් දිරි ගැන්වීම.

ආ) වෙනත් ජීවනෝපාය උපාය මාර්ග නම් (Other Livelihood Strategies):

  • ජීවනෝපාය කටයුතුවලට ඉවහල්වන ධාරිතාවය ගොඩ නැගීම සඳහා ප්‍රජා මූලික ආයතන ශක්තිමත් කිරීම
  • ජලය, විදුලිය, සෞඛ්‍ය හා ප්‍රවාහන පහසුකම් වැනි සේවා හා යටිතල පහසුකම් වර්ධනය කිරීම
  • ස්වාභාවික සම්පත් කළමණාකරනය වර්ධනයට අවශ්‍ය සහාය ලබාදිම
  • සංචාරක කටයුතු නිසා ස්වාභාවික සම්පත්වලට හා ජන ජීවිතයට එල්ලවන බලපෑම් ලිහිල් කිරීම

ඇ) සවිබලකරන උපාය මාර්ග (Empowerment Strategies):

  • සංචාරක කර්මාන්තය තුළ දුප්පත් ප්‍රජාවන්ගේ සහභාගිත්වය වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනය
  • සංචාරක කර්මාන්තයට අදාල තීරණ ගැනීමේදී දුප්පත් ප්‍රජාවන් සම්බන්ධ කරගැනීම සහ තීරණ ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලඟා කර දීම, ආයතනික ධාරිතාවය ඉහළ නැංවීම සහ කළමණාකරන මෙවලම් හඳුන්වාදීම
  • රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සමග සහයෝගිතාවය වර්ධනය කිරී

සංචාරක කර්මාන්තයේ ආදායම් දුප්පතුන්ට ගලා යන්නේදැයි විමසා බැලීමට අගය එකතු කිරීමේ දාමය භාවිතා කිරීම  (Application of Value Chain Approach to assess the flow of tourism revenue to the poor)

දුප්පත් ප්‍රජාවන්ගේ ජීවනෝපායන් ඉහළ දැමීමට සංචාරක කර්මාන්තයට ඇති ඉඩ කඩ බොහෝ නමුත් සත්‍ය වශයෙන්ම එසේ ලබන ප්‍රතිලාභ ප්‍රමාණය කොපමණදැයි අවබෝධ කරගැනීම සංචාරක ව්‍යාපාරය දුප්පතුන්ට වඩාත් නැඹුරු කිරීමට උපකාරීවේ. මේ සම්බන්ධයෙන් ලිපියක් සපයන www.odi.org.uk/publications/briefing/bp_june07_tourism_vca.pdf වෙබ් අඩවිය මේ සඳහා  අගය එකතු කිරීමේ දාමය විශ්ලේෂණය (value chain analysis) කිරීම ප්‍රයෝජනවත් බව පැහැදිළි කරයි.

අගය එකතු කිරීමේ දාමය (value chain) යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් ආරම්භක අවස්ථාවේ සිට පාරිභෝජනයවන අවස්ථාව (conception to consumption) දක්වා පසුකරන නොයෙකුත් අසම්පූර්ණ අවස්ථාවන් හෝ පුරුක් (nodes) දැක්වෙන දාමයයි.  මෙහි සෑම පුරුකකදීම සැකසීම (processing), ඇසුරුම් කිරීම (packaging), ගබඩා කිරීම (storage) සහ අලෙවිය (marketing) වැනි නොයෙකුත් අගය වැඩිකිරීමේ ක්‍රම භාවිතා කරමින්  නිෂ්පාදන භාණ්ඩයේ අවසාන අගය වැඩි කෙරේ.  මේ අනුව කෘෂිකාර්මික සහ අනෙකුත් භෞතික නිෂ්පාදන භාණ්ඩයන් සඳහා අගය එකතු කිරීමේ දාමය පහසුවෙන් අවබෝධ කරගත හැක. සහල් වැනි නිෂ්පාදනයක් සඳහා ඇත්තේ පහත දැක්වෙන අන්දමේ සරල අගය එකතු කිරීමේ දාමයකි.

වී අස්වැන්න


වේලා ගත් වී


සහල් බවට පත් කිරීම


ගල් වැලි ඉවත් කල සහල්


ලෙබල් සහිත කුඩා පැකට්වල  ඇසුරූ සහල්

එහෙත් සංචාරක කර්මාන්තය වැනි සේවාවන් සඳහා අගය එකතු කිරීමේ දාමයන් අවබෝධ කර ගැනීම තරමක් අපහසු කරුණකි.  එයට හේතුව සේවා නිෂ්පාදනය සහ පරිභෝජනය එකවිටම සිදුවන නිසාය. එහිදී ගබඩාකරණයක් සිදු නොවන නිසා සේවා දාමයක පුරුක් වෙන් කොට හඳුනාගත නොහැක. එම නිසා සංචාරක කර්මාන්තයේදී සේවා දාමය යනුවෙන් හඳුන්වනු ලබන්නේ රටක, ප්‍රදේශයක හෝ සමාගමක සමස්ථ සංචාරක ආදායම එකතුවන හෝ බෙදීයන අවස්ථා (segments) ඈඳී තිබෙන ස්වරූපයයි.

උදාහරණයක් ලෙස ඉහත දැක්වූ වෙබ් අඩවිය අප්‍රිකානු රටක්වන ගැම්බියාවේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ කොටස් (segments) තුළ අදායම් බෙදී යන ආකාරය දණ්ඩ ප්‍රස්ථාරයක් ලෙස දක්වා ඇත.  මෙය එම රටේ සමස්ථ සංචාරක කර්මාන්තයේ අගය එකතුවීමේ දාමයේ විශ්ලේෂණයක් ලෙස හැඳින්විය හැක (Tourism Value Chain Analysis). එපමණක්ද නොව එම රටේ සංචාරක කර්මාන්තයේ විවිධ කොටස් තුළ උත්පාදනයවන ආදායමින් දුප්පතුන් කරා ගලා යන ප්‍රතිශතයද ගණනය කර දක්වා ඇත.  මෙවැනි විශ්ලේෂණයක් මගින් එම රටේ සංචාරක කර්මාන්තය කෙතෙක් දුරට දුප්පතුන්ගේ අභිවෟද්ධිය සඳහා නැඹුරුකරගත හැකිදැයි ගම්‍යවන කරුණු ඉස්මතුවේ.

 

ගැම්බියාවේ සමස්ථ සංචාරක කර්මාන්තයේ අගය එකතුවීමේ පුරුක් (Segments of the Gambian Tourism Value Chain)

එක් පුරුකකට වර්ෂයකදී ලැබෙන දළ ආදායම සහ එම ආදායමින් දුප්පතුනට ගලා යන දළ ප්‍රතිශතය (එක්සත් රාජධානි ස්ටර්ලිං පවුම් මිලියන)

අනතර් ජාතික සංචාරක මෙහෙයුම් සමාගම්
(International tour operators)

 

දුප්පතුන්ට ගලා යන කොටස 0%

ගුවන් සේවා සමාගම් (Airline companies)

දුප්පතුන්ට ගලා යන කොටස 0%

 

සංචාරකයින්ගේ ගොඩ බැසීම් මෙහෙයුම් ආයතන
(Landing handling)

 

 

දුප්පතුන්ට ගලා යන කොටස 0%

සංචාරකයින් ගොඩ බැසීමෙන් පසු මෙහෙයවීම
(Ground handling)

 

 

දුප්පතුන්ට ගලා යන කොටස 0%

නවාතැන් (Accommodation)

 

 

 

 

 

 

 

 

දුප්පතුන්ට ගලා යන කොටස 7%

ආහාර පාන සේවා (Food and Drinks)

 

 

 

 

 

 

 

දුප්පතුන්ට ගලා යන කොටස11%

දේශීය භාණ්ඩ අලෙවිය (Shopping)

 

 

දුප්පතුන්ට ගලා යන කොටස 50%

විනෝද චාරිකා (Excursions)

 

 

 

දුප්පතුන්ට ගලා යන කොටස 25%

ප්‍රාදේශීය ප්‍රවාහණ සේවා (Local transport)

 

දුප්පතුන්ට ගලා යන කොටස 43%

සංචාරකයින්ගේ අනෙකුත් වියදම් (Other expenses)

 

 

 

ස්ටර්ලිං පවුම් ඒකක

මිලි 5

මිලි 10

 මිලි 15

 මිලි 20

 මිලි 25

 මිලි 30

 මිලි 35

මූලාශ්‍රය: www.odi.org.uk/publications/briefing/bp_june07_tourism_vca.pdf

ඉහත සඳහන් ගැම්බියාවල සංචාරක කර්මාන්තයේ ආදායම බෙදීමේ උදාහරණයෙන් ගම්‍යවන සමහරක් කරුණු නම්:

  1. නවාතැන් සේවාවලින් වර්ෂයකට ලැබෙන ආදායම පවුම් මිලියන 20 ක පමණ අධික ප්‍රමාණයක් වුවද දුප්පතුන්ට ලැ‍බෙන්නේ එයින් 7% වැනි අල්ප ප්‍රමාණයකි. එසේ නම් එම ප්‍රතිශතය වැඩි කර ගැනීම සඳහා උචිත උපාය මාර්ග ගැන අවධානය යොමුවිය යුතුය.


  2. එසේම ආහාරපාන සේවාවලින් වර්ෂයකට ලැබෙන ආදායම පවුම් මිලියන 20 ක පමණ අධික ප්‍රමාණයක් වුවද දුප්පතුන්ට ලැ‍බෙන්නේ එයින් 11% වැනි අල්ප ප්‍රමාණයකි. එසේ නම් එම ප්‍රතිශතය වැඩි කර ගැනීම සඳහා උචිත උපාය මාර්ග ගැන අවධානය යොමුවිය යුතුය.


  3. දේශීය භාණ්ඩ අලෙවි ආදායමින් 50% පමණ සැලකිය යුතු කොටසක් දුප්පතුනට ලැබුණද එම අංශයේ මුළු ආදායම මිලියන 5 ක් පමණවේ. එම නිසා දුප්පතුනට ලැබෙන ආදායම වැඩි කිරිමට නම් දේශීය භාණඩ අලෙවියේ සමස්ථ ආදායම ඉහළ දැමීම සඳහා අවශ්‍ය උපාය මාර්ග හඳුනාගත යුතුය.


  4. ප්‍රාදේශීය ප්‍රවාහන සේවා අංශයෙන්ද 43% පමණ සැලකිය යුතු කොටසක් දුප්පතුනට ලැබුණද එම අංශයේ මුළු ආදායම මිලියන 2.5 ක් පමණවේ. එම නිසා මෙහිදීද දුප්පතුනට ලැබෙන ආදායම වැඩි කිරිමට නම් ප්‍රාදේශිය ප්‍රවාහන සේවා අංශයේ සමස්ථ ආදායම ඉහළ දැමීම සඳහා අවශ්‍ය උපාය මාර්ග හඳුනාගත යුතුය.


  5. විනොද චාරිකා අංශයේ සමස්ථ ආදායම (පවුම් මිලියන 7.5 ක් පමණ) සහ එම අංශයෙන් දුප්පතුනට ලැබෙන කොටසද (25%) එතරම් සැලකිය යුතු නොවන නිසා සමස්ථ ආදායම මෙන්ම දුප්පතුනට එම අංශයෙන් ලැබෙන ආදායම වැඩිකර ගැනීමේ උපාය සහ ක්‍රමවේද ගැන සිතා බැලිය යුතුය.