රාජ්‍ය නොවන ආයතනයක් දායක ආයතනවල උපකාරයෙන් වාණිජ බැංකුවක් මිලට ගැණීම- කුඩාමුල්‍යකරණ ප්‍රවර්ධනයේ නවතම ප්‍රයත්නය
Mercy Corps, an international NGO buys a commercial Bank in Indonesia – the latest microfinance promotional model
(2008, ජූනි 15)
අන්තර් ජාතික (ඇමෙරිකා එක්සත් ජනපද) ලාභ නොලබන රාජ්‍ය නොවන ආයතනයක්වන ‘මර්සි කෝ’ සංවිධානය(Mercy Corps) විසින් කුඩාමුල්‍යකරණ සේවා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉන්දුනීසියාවේ වාණිජ බැංකුවක් මිලට ගෙන ඇත. කුඩාමුල්‍යකරණ ක්ෂේත්‍රය කෙතරම් සීඝ්‍රයෙන් වාණිජකරණය කරා පරිණාමයවෙමින් තිබෙන්නේද යන්න අවබෝධ කරගැනීමට මෙම ප්‍රවෘත්තිය ඉවහල්වනවා නොඅනුමානය.
බාලි දූපත්වල ඇති මෙම වාණිජ බැංකුව ප්‍රාග්ධනය හිඟකමින් (shortage of capital) සහ වෙනත් ක්‍රියාකාරිත්ව ප්‍රශ්න (operational problems) වැනි අමාරුකම්වලට මුහුණපා සිටි අවස්ථාවේදී මෙම මිලට ගැනීම සිදුවිය. ‘මර්සි කෝ’ ආයතනයට අනුව මින්පසු මෙය ‘බැංකු සඳහාවූ බැංකුව’ (Bank of Banks -BOB) යනුවෙන් හැඳින්වෙන අතර එයින් අදහස් කරන්නේ වෙනත් කුඩාමුල්‍යකරණ ආයතන (බැංකු) වලට ඒ මගින් තොග ණය (wholesale loans) සහ රක්ෂණ (insurance), උකස් මුල්‍ය (mortgage finance), මුදල් යැවීම (remittances) සහ ජංගම බැංකු සේවා (mobile banking) වැනි සාමාන්‍යයෙන් කුඩාමුල්‍යකරණ ආයතනවලින් නොකෙරෙන සේවා ලබා දෙනු ඇත. මේ සඳහා ජංගම දුරකථන, ස්වයං මුදල් මාරුකරන යන්ත්‍ර (ATM) සහ අන්තර්ජාලය භාවිතය වැනි තාක්ෂණික ක්‍රම කුඩා මුල්‍යකරණ ආයතනවලට හඳුන්වාදීමටද අපේක්ෂා කෙරේ. මෙම නව වානිජ කුඩාමුල්‍යකරණ ප්‍රයත්නය මගින් ඉදිරි වර්ෂ 3 ඇතුළතදී ඉන්දුනීසියාණු පවුල් මිලියන 16 ක් දිළිඳුබවින් මුදා ගැනීමට බලාපොරොත්තුවන අතර මෙම ප්‍රයත්නය සාර්ථකවුවහොත් එම ක්‍රමයම පිලීපීනයටද හඳුන්වාදී ඉදිරි වර්ෂ 10 තුළදී පවුල් මිලියන 45 ක් දිළිඳුබවින් මුදාගැනීමට අපේක්ෂා කෙරේ.
සහණ සේවා සහ සංවර්ධන වැඩසටහන් වල දීර්ඝ කාලයක් නියැලි ‘මර්සි කෝ’ සංවිධානය මේ වනවිට ආසියාණු රටවල් කිහිපයක් තුළ ලාභ නොලබන විවිධ කුඩාමුල්‍යකරණ කටයුතු ප්‍රවර්ධනයෙහි යෙදී සිටියද ලාභ ලබන සංවර්ධන මොඩලයක් සඳහා යොමුවන ප්‍රථම අවස්ථාව ලෙස මෙය හැඳින්විය හැක. (මෙම ආයතනය මුලින්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නටවූයේ සුනාමි ව්‍යසනයට ගොදුරුවූවන් සඳහා සහණ සේවා සැපයීමටය)
එපමණක්ද නොව මෑත කාලයේදී දක්නට ලැබුණු රාජ්‍ය නොවන කුඩාමූල්‍යකරණ ආයතන (NGO MFIs) ක්‍රමයෙන් වාණිජ බැංකු බවට පරිණාමයවීමේ ක්‍රමය වෙනුවට රාජ්‍ය නොවන ආයතනයක් මගින් ඍජුවම වාණිජ බැංකුවක් මිලටගෙන කුඩාමුල්‍යකරණ සේවා සැපයීමට පිවිසෙන ප්‍රථම අවස්ථාව ලෙසද මෙය සැළකිය හැකිය. එම නිසා මෙම සිදුවීම රාජ්‍ය නොවන (හා ලාභ නොලබන) කුඩාමුල්‍යකරණ ආයතන සඳහා අනගි පූර්වාදර්ශයක්ද වනු ඇත.
මෙම ප්‍රවෘත්තියේ අනික් වැදගත් කොටස වන්නේ මෙම බැංකුව මිලට ගැනීම සඳහා ‘මර්සි කෝ’ සංවිධානය හා එක්ව ඇත්තේ බිල් ගේට් පදනමත් (Bill Gates Foundation), ලෝක බැංකුවට අනුබද්ධිත අන්තර්ජාතික මුල්‍ය ආයතනයත් (International Finance Corporation –IFC) සහ හිවෝස් - ට්‍රයඩෝස් (Hivos-Triodos fund) නමැති නෙදර්ලන්ත රාජ්‍යනොවන සංවිධාන අරමුදලත්ය. මෙම කොටස්කරුවන් තිදෙනාම දායක ආයතන (donor agencies) ගණයට අයත්වේ. මෙම බැංකුව මිලට ගැනීම සඳහා අවශ්‍යවූ ඇ. ඩොලර් මිලියන 33 න් මිලියන 19.4 ක්ම ආයෝජනය කර ඇත්තේ බිල් ගේට් පදනමයි.
එම නිසා මෙම ප්‍රවෘත්තිය අපට නැවතත් මතක් කර දෙන්නේ සහාණාධාරවලින් මිදී ලාභදායී සංවර්ධන ප්‍රයත්නයන්ට යෑම සඳහා සාම්ප්‍රදායික දායක ආයතන අතිමහත් ප්‍රයත්නයක යෙදෙමින් සිටින බවය. ‘මර්සි කෝ’ ආයතනය වාණිජ බැංකුවක් මිලට ගෙන කුඩාමූල්‍යකරණය ප්‍රවර්ධනය කිරීමේ මෙම මොඩලය තුළ තවමත් පෞද්ගලික ආයෝජකයින් (private investors) දක්ණට නොලැබේ. එහෙත් මෙම බැංකුවේ මූල්‍ය ප්‍රගමනය සහ ලාභාංශ පෙන්වීමත් සමගම පෞද්ගලික ආයෝජකයින් ආකර්ෂණයවීම අනිවාර්යෙන්ම සිදුවන බව අපේක්ෂාකළ යුතුය.
මූලාශ්‍රය: http://www.oregonlive.com/business/index.ssf/2008/06/mercy_corps_buys_bank_to_help.html
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 900 ක ලෝක බැංකු ණය ආධාරයක් ලබා දීමේ එකඟතාවයක්
US 900 million loan towards World Bank’s Country Assistance Strategy – CAS for Sri Lanka
(2008, ජූනි 14)
2008 සිට 2012 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ආධාර සැපයීමේ ලෝක බැංකු උපාය මාර්ගික සැලසුමට (Country Assistance Strategy – CAS for Sri Lanka ) අනුව ඇමෙරිකාණු ඩොලර් මිලියන 900 ක ණය ආධාරයක් (lending package) ලබා දීමේ යෝජනාවට 2008 ජූනි 5 දින පැවැත්වු ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී එකඟත්වය ලැබී ඇත.
මෙම ලෝක බැංකු උපාය මාර්ගික සැලසුම දස අවුරුදු ශ්‍රී ලංකා රජයේ මහින්ද චින්තන ආර්ථික සංවර්ධන රාමුවට අනුකූලව සකස් කර ඇති අතර සියළු ප්‍රදේශවලට සාධාරණ සංවර්ධනයක් (equitable development) ඒ මගින් අපේක්ෂා කරයි. මෙම සැලැස්මෙහි ප්‍රධාන අරමුණු තුනක් වන්නේ:
අ) රටේ ඌන සංවර්ධිත ප්‍රදේශ සඳහා ආර්ථික සංවර්ධන අවස්ථා පුළුල් කිරීම (expanding of economic opportunities in the lagging regions). මහ මාර්ග, වාරි පද්ධති සහ ජලසැපයුම් පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමට ආධාර දීම මගින් තුලනාත්මක සංවර්ධනයක් ලඟාකර ගත හැකියැයි මෙහිදී අපේක්ෂා කෙරේ. මෙහිදී මහ මාර්ග පද්ධතිය දියුණු කිරිම සඳහා විශේෂ අවධානයක් යොමු කරන අතර එමගින් රටේ විවිධ ප්‍රදේශ සම්බන්ධ කිරීමට හැකිවන අතර ඒ තුළින් ඌන සංවර්ධිත ප්‍රදේශවල කඩිනම් සංවර්ධනයක් දක්නට හැකිවනු ඇත.
ආ) ආයෝජනයට උචිත සහ තරඟකාරී ව්‍යාපාරික පරිසරයක් (investment climate and competitiveness) ගොඩ නැගීම තුළින් පෞද්ගලික ව්‍යාපාර අංශයේ ආයෝජන දිරිමත් කිරීම සහ වර්ධනයක් ඇති කිරිම.
ඇ) අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ ආරක්ෂණ සහ පරිසරය සුරැකීමට අදාළ සේවාවන්වල ප්‍රමිතිය සහ වගකීම ඉහළ දැමීම (enhancing the quality and accountability of services)
ශ්‍රී ලංකාව සඳහාවු ලෝක බැංකුවේ උපාය මාර්ගික සැලසුම පිළයෙල කිරීමේදී විවිධ ප්‍රදේශ ආවරණය කරමින් පුළුල් ලෙස රාජ්‍ය සහ සිවිල් සමාජ කණඩායම්වල අදහස් විමසා ඇත.
දිළිඳුකම අඩුකිරීම සම්බන්ධයෙන් පසුගිය වසර පහ තුළ ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති අතිමහත් ප්‍රගතිය නොඅඩුවම පවත්වාගෙන යෑමට මෙම සංවර්ධන සැලැස්ම පිටිවහළක් වන අතර එමගින් උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුළු සියළුම නොදියුණු ප්‍රදේශවල ශුභවාදී හා නිශ්චිත දිළිඳුකම අවමවීමේ ප්‍රථිපල දැකගනු හැකිවෙතැයි බලාපොරොත්තුවේ.
ලෝක බැංකු ආධාර වැඩසටහන් සැලසුම් කිරීමේදී, ක්‍රියාත්මක කිරීමේදී, පසු විපරම් කිරීමේදී සහ ඇගයුම් කිරීමේදී දැනට පවතින ගැටුම්කාරී තත්වය පිළිබඳ සංවේදී (conflict sensitivity) වන අතර එවැනි ගැටුම් සමනය කිරීමට අවශ්‍ය පියවරවල්ද ගනු ඇත. උදාහරණයක් ලෙස අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් තුළදී විවිධ ජනවර්ග සම්බන්ධ කිරීමේ භාෂාවක් ලෙස (link language) ඉංග්‍රීසි ඉගැන්වීම ධෛර්යමත් කරනු ලබන් අතර සිංහල - ද්‍රවිඩ මිශ්‍ර පාසැල් ඇති කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් පුහුණු කිරීමටත් ආධාර සැපයෙනු ඇත.
තවද දැනට සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින ආනයනික භාණ්ඩ (ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය) මිල නිසා ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවන අභියෝග පිළිබඳවද ලෝක බැංකු ආධාර වැඩසටහන සැළකිලිමත්වනු ඇත.
මීට අමතරව ලෝක බැංකුවට අනුබද්ධිත අන්තර් ජාතික මූල්‍ය ආයතනය (International Finance Corporation – IFC) මගින් ශ්‍රී ලංකාවේ විවිධ මට්ටම්වල ඇති පෞද්ගලික ව්‍යාපාරික සමාගම්වලට අවශ්‍ය මූල්‍ය සහ ව්‍යවසායකත්ව සේවා (financial and enterprise development services) සැපයීමත් මෙම ණය ආධාර වැඩසටහන තුළින් ආවරණය කෙරේ.
මුලාශ්‍රය: www.worldbank.lk
සමාජ ආරක්ෂණ වැඩසටහන් ඇගයීමට ආසියාණු සංවර්ධන බැංකුවෙන් දර්ශකයක් නිර්මාණය කරයි
ADB develops a Social Protection Index (SPI) to assess social protection programmes
(2008 ජූනි 11)
ආසියාණු කලාපයේ රටවල්වල සමාජ ආරක්ෂණ වැඩසටහන් (Social Protection Programmes) සංසන්දනාත්මක ඇගයීමකට ලක් කළහැකි සමාජ ආරක්ෂණ දර්ශකයක් (Social Protection Index – SPI) ආසියාණු සංවර්ධන බැංකුව විසින් නිර්මාණය කර 2007 අගභාගයේදී එළි දක්වන ලදී. මෙම දර්ශකයේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව රටවල් 31 ක් අතුරින් ශ්‍රී ලංකාව 9 ස්ථානයට පැමිණ ඇති අතර ඒ මගින් පෙන්නුම් කරන්නේ දිළිඳු හා වෙනත් සමාජ හා ආර්ථික වශයෙන් දුර්වල ප්‍රජා කොටස් හානිවලින් ආරක්ෂා කර ගත හැකි සමාජ ආරක්ෂණ වැඩ පිලිවෙළක් ප්‍රමාණවත් අයුරින් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මකවන බවය.
ස්ථානය (Rank) |
රට (Country) |
සමාජ ආරක්ෂණ දර්ශක අගය (SPI value) |
1 |
ජපානය |
0.96 |
2 |
දකුණු කොරියාව |
0.76 |
3 |
ක්රිගිස්ථානය |
0.62 |
4 |
මොන්ගෝලියාව |
0.60 |
5 |
උස්බෙකිස්ථානය |
0.57 |
6 |
කුක් දිවයින් (Cook islands) |
0.55 |
7 |
කසකස්ථානය |
0.54 |
8 |
අසබයිජානය |
0.53 |
9 |
ශ්‍රී ලංකාව |
0.47 |
10 |
ඉන්දියාව |
0.46 |
11 |
චීනය |
0.45 |
12 |
නවුරු (Nauru) |
0.42 |
13 |
වියට්නාමය |
0.38 |
14 |
මැලේසියාව |
0.35 |
15 |
මාෂල් දිවයින් |
0.34 |
16 |
ආමේනියාව |
0.34 |
17 |
බංග්ලා දේශය |
0.33 |
18 |
ඉන්දුනීසියාව |
0.33 |
19 |
ටජිකිස්ථානය |
0.30 |
20 |
මාලදිවයින |
0.28 |
21 |
ටුවාලු (Tuvalu) |
0.26 |
22 |
පිලිපීනය |
0.21 |
23 |
ලාඕසය |
0.19 |
24 |
නේපාලය |
0.19 |
25 |
කාම්බෝජය |
0.19 |
26 |
භූතානය |
0.17 |
27 |
ෆිජි දූපත් |
0.15 |
28 |
ටොන්ගා (Tonga) |
0.08 |
29 |
වනුවාටු (Vanuatu) |
0.08 |
30 |
පකිස්තානය |
0.07 |
31 |
පැපුවා නිවිගීනියාව (Papua New Guinea) |
0.01 |
ආර්ථික වර්ධනය (economic growth) හා යටිතල පහසුකම් සංවර්ධනය (infrastructure development) මුල්කොට ගත් සංවර්ධන ප්‍රයත්නයන්ගෙන් පමණක් දිළිඳුකම දුරැලීමට හෝ සාධාරණවු සහ තිරසාර සංවර්ධනයක් කරා යෑමට නොහැකිය යන්න බොහෝ රටවල අත්දැකීම්වලින් තහවුරු වෙමින් පවතී. සමාජ, ආර්ථික හා පාරිසරික බලපෑම්වලට හා හාණිවලට පහසුවෙන් ගොදුරුවිය හැකි (vulnerable groups) ප්‍රජා කොටස් එවන් හාණි නිසා තවදුරටත් දිළිඳුභාවයට තල්ලුවීම වැළැක්වීමට නම් ඵලදායී සමාජ ආරක්ෂණ උපාය මාර්ග හා වැඩසටහන් (social protection strategies and programmes) තිබිය යුතුවේ.
නෙයෙකුත් අයහපත් පාරිසරික හා දේශගුණික ව්‍යසනයන් මධ්‍යයේ දිළිඳුකම අවම කිරිම සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහණ්වල දායකත්වයේ වැදගත්බව ක්‍රම ක්‍රමයෙන් වැඩි අවධානයකට යොමුවෙමින් පැවතියද එවන් සමාජ ආරක්ෂණ වැඩසටහණ් ඇගයීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් නොමැතිවීම බරපතළ අඩුපාඩුවකි. මෙම කරුණ සැළකිල්ලට ගනිමින් ආසියාණු සංවර්ධන බැංකුව (ADB) ආසියාණු කළාපයේ රටවල්වල සමාජ ආරක්ෂණ වැඩසටහණ් සංසන්දනාත්මකව ඇගයීමට හැකිවන ආකාරයේ සමාජ ආරක්ෂණ දර්ශකයක් (Social Protection Index – SPI) නිර්මාණය කිරීමට පෙළඹී ඇත. මේ සඳහා එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් නිර්මිත මානව සංවර්ධන දර්ශකය (Human Development Index – HDI) සඳහා භාවිත කළ ක්‍රමවේදයම අනුගමනය කර ඇති අතර අනාගතයේදි SPI දර්ශකයද (HDI ලෙසින්ම) පුළුල් ලෙසින් සංවර්ධන කටයුතු ඇගයීම සදහා ඉවහල් කරගනු ඇතැයි විශ්වාස කෙරේ.
සමාජ ආරක්ෂණ දර්ශකයට(SPI) පාදකවන සාධක
සමාජ ආරක්ෂණ දර්ශකය(SPI) නිර්මානය කිරීම සඳහා ප්‍රධාන සාධක දෙකක් සැලකිළ්ලට ගෙන ඇත. ඒවා නම්:
අ) සමාජ ආරක්ෂණ වැඩ සටහන් මගින් ආවරණය කරන ඉලක්ක ජනගහණය (target population coverage): මෙ සඳහා ආවරණය කරන ජනගහණ අනුපාත දෙකක් සැලකිළ්ලට ගනී.
- සමාජ ආරක්ෂණ වැඩ සටහනක් ආවරණය කරන පුද්ගල සංඛ්‍යාව මුළු ජනගහණයේ අනුපාතයක් ලෙස
- සමාජ ආරක්ෂණ වැඩ සටහනක් ආවරණය කරණ දිළිඳු පුද්ගල සංඛ්‍යාව රටේ මුළු දිළිඳු ජනගහණයේ අනුපාතයක් ලෙස
ආ) සමාජ ආරක්ෂණ වැඩ සටහන් සඳහා වැයවන මුදල් ප්‍රමාණය (expenditure) මුළු ජනගහණයේ සහ දිළිඳු ජනගහණයේ අනුපාතයන් ලෙස සැලකිලල්ට ගනී.
- සමාජ ආරක්ෂණ වැඩසටහනක් සඳහා වැයවන මුදල දළ ජාතික නිෂ්පාදිත අගයේ අනුපාතයක් ලෙස ( social protection expenditure as a proportion of Gross Domestic Product - GDP).
- සමාජ ආරක්ෂණ වැඩ සටහනක් එක් දිළිඳු පුද්ගලයකු සඳහා වැය කරණ මුදල (මුළු වියදම රටේ දිළිඳු ජනගහණයේ අනුපාතයක් ලෙස)
සමාජ ආරක්ෂණ වැඩසටහන් වර්ග
ආසියානු කලාපයෙහි රටවල් තුළ ක්‍රියාත්මකවන සමාජ ආරක්ෂණ වැඩ සටහන් පොදුවේ වර්ග හතක් ලෙස කණඩායම් ගතකොට විශ්ලේෂණය කිරිම මගින් මෙම SPI දර්ශකය නිර්මාණය කර ඇත. එම වැඩ සටහන් වර්ග නම්:
වැඩසටහන් වර්ග |
ඉලක්ක කණඩායම |
ඉලක්ක කණඩායම අර්ථ දැක්වීම |
1) ශ්‍රම වෙලඳපල අරභයා ක්‍රියාත්මක වැඩසටහන් (labour market programmes) උදා:
|
සේවා වියුක්ත හෝ උන සේවා වියුක්ත (unemployed and underemployed) |
සතියකට පැය 25 කට අඩු සේවා අවස්ථා ඇති පුද්ගලයින්
|
2) වයස්ගත්වුවන්ට සඳහා ගෙවීම් (Pension schemes)
|
වයස්ගතවූවන් (elders) |
අවරුදු 60 ට වැඩි |
3) සෞඛ්‍ය සේවා සඳහා ගෙවීම් (Health care assistance). උදා:
|
රෝගීවුවන් (the sick) |
මුළු ජනගහණය සහ දරිද්‍රතා රේඛාවට පහළින් සිටින දුප්පත් පුද්ගලයින් සංඛ්‍යාව |
4) මුලික සුභ සාධක වැඩසටහන් (General welfare programmes) උදා:
|
දිළිඳු පුද්ගලයින්/පවුල් |
දරිද්‍රතා රේඛාවට පහළින් සිටින දුප්පත් පුද්ගලයින් සංඛ්‍යාව |
5) කුඩා මූල්‍ය පහසුකම් (Microfinance) |
දිළිඳු පුද්ගලයින්/පවුල් |
දරිද්‍රතා රේඛාවට පහළින් සිටින දුප්පත් පුද්ගලයින් සංඛ්‍යාව |
6) ආබාධිතයින් සඳහාවූ සියළුම ශුභසාධන වැඩසටහන් (අධ්‍යාපනික, පුහුණු, මූල්‍යාධාර ආදිය) |
ආබාධිතයින් |
සියළුම ආබාධිත පුද්ගලයින් |
7) ළමා ආරක්ෂණ සහ සුභසාධන වැඩසටහන් (Child protection)
|
විශේෂ අවධානයක් යොමුකළ යුතු ළමයින් (children with special needs) |
මුළු ජනගහණය සහ දරිද්‍රතා රේඛාවට පහළින් සිටින දුප්පත් පුද්ගලයින් සංඛ්‍යාව |
2007 සංවර්ධන පුවත්




