දැණුම හුවමාරුව සහ තොරතුරු තාක්ෂණය පදනම්කරගත් මානව සංවර්ධන ප්‍රයත්නයන් පහකට ගූගල් ආධාර
Google announces five core development initiatives
(පෙබරවාරි 11, 2008)
තොරතුරු තාක්ෂණයේ බලය මානව සංවර්ධනය සඳහා යොදා ගැනීමේ උත්සහයක යෙදී සිටින ගූගල් සමාගම ඉදිරි වර්ෂ 10 තුළදී මානව සංවර්ධන පුයත්න පහක් කෙරෙහි අවධානය යොමුකිරීමට සූදානම්වන බව ප්‍රකාශකොට ඇත. තොරතුරු තාක්ෂණ සේවා සම්බන්ධයෙන් ඉතා ප්‍රසිද්ධියක් උසුලන ගූගල් ආයතනයේ ඇති සම්පත්වලට අමතරව එක් එක් සංවර්ධන කෙෂ්ත්‍රවල නියැලි ලොව පුරා සිටින විශේෂඥයින්ගේ දැනුමද මේ සදහා යොදා ගැනීමට එම සමාගම අපේක්ෂා කරයි. මේ සඳහා ගූගල් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 1% ක් සහ වාර්ෂික ලාභාංශවලින් 1% ක් වෙන් කෙරෙනු ඇත.
දිළිඳුකම, සාගින්න, බලශක්ති අර්බුදය, ඉහළ යන ගෝලීය උෂ්ණත්වය සහ ආදායම් විෂමතාවය වැනි ඉතා සීග්‍රයෙන් වර්ධනයවන සමාජ ආර්ථික ගැටළුවලට විසඳුම් සෙවීම සඳහා ව්‍යාපාරික ලෝකයේ දායකත්වය ක්‍රමක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවට මෙම ප්‍රවෘත්තිය හොඳම නිදසුනකි.
ඉදිරි පරම්පරාව සඳහා වඩා යහපත්, සාධාරණ සහ සුරක්ෂිත අනාගතයක් බිහිකිරිම මෙම මානව හිතවාදී ප්‍රයත්නයේ අරමුණබව ප්‍රකාශ කරණ ගූගල් සමාගම එම ප්‍රයත්න ක්‍රියාත්මක කිරිම සඳහා එවැනිම අරමුණුවලින් යුක්ත ආයතන සමග සහයෝගිතාවයෙන් කටයුතුකිරීමට අපේක්ෂා කරයි. මෙහිදී අරමුදල් ප්‍රදානය කිරිමට අමතරව එම අරමුණු ලඟාකරගත හැකි ව්‍යාපාරවල ආයෝජනයන් කිරිමටද ගූගල් සමාගම බලාපොරොත්තුවෙ.
මෙසේ අවධානය යොමු කෙරෙන සංවර්ධන ප්‍රයත්න වන්නේ:
අ) හානිවීම් පිළිබඳ පූර්ව නිගමන කිරිම සහ ඒවා වැළැක්වීම (Predict and prevent):
ලෙඩ රෝග, නියඟයන්, දුර්භික්ෂ, සුළිසුලං, ගංවතුර සහ සුනාමි වැනි ජන ජීවිතවලට බරපතළ හානි ගෙනදිය හැකි සමාජ සහ පාරිසරික ව්‍යසනයන් ඇතිවීම පිළිබඳ පූර්ව දැනගැනීමේ ශක්තිය වැඩිකිරීම මගින් සහ ඒ සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීම මගින් එම ව්‍යසනවලින්වන හානිය අවම කිරිම.
ආ) තොරතුරු සැපයීම මගින් මහජන සේවාවල් බලවත් කිරීම (Empowering of public services):
ඉන්දියාවේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් හරහා දැනටමත් ආරම්භකර ව්‍යාපෘති කිහිපයක් මගින් අධ්‍යාපනය, සෞඛ්‍ය, ජල සම්පාදනය සහ සනීපාරක්ෂාව වැනි මහජන සේවාවල්වල ඵලදායිතාවය ඉහළ නැංවීම මෙයින් අපේක්ෂා කෙරේ. ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මහජන සේවා ආයතනවලට අවශ්‍ය තොරතුරු කළමණාකරනය සහ ඇගයීම් පද්ධති වැඩි දියුනු කිරිම සහ එම සේවා පිළිබඳ මහජන සංවාදයක් ගොඩ නැගීම මෙම ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණුවී ඇත.
ඇ) කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය (Fuel the growth of Small and Medium Enterprises)
දිලිඳු රටවල්වල ආර්ථික වර්ධනය සඳහා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ දායකත්වය අතිමහත් නමුදු එම ව්‍යවසායන්ගේ වර්ධනය සඳහා ඇති බාධක බොහෝ යැයි අවධාරනය කරණ ගූගල් සමාගම ඒවායේ ආයෝජන වැඩිකිරිම අරමුණකරගත් ව්‍යපෘතියක් දැනටමත් අප්‍රිකානු රටවල් කිහිපයක ආරම්භකර ඇත.
ඈ) විකල්ප ප්‍රතිජනණ බලශක්තිය ගල් අඟුරුවලින් ලබා ගන්නා බලශක්තියට වඩා ලාභදායි කිරිම (To make renewable energy cheaper than coal)
මහා පරිමාණ බලශක්ති නිෂ්පාදනයේදී වඩාත් ලාභදායී ඛණිජමය අමුද්‍රව්‍ය වන්නේ ගල් අඟුරු වන නමුත් එය ප්‍රතිජනනය නොවන අමුද්‍රව්‍යයක් නිසා දිගින් දිගටම ඒ මත යැපිය නොහැක. මේ නිසා ගුගල් ප්‍රයත්නයේ එක් අරමුණක් වන්නේ වර්ෂ කිහිපයක් තුළදී සූර්යතාපය සහ සුළංබලය වැනි විකල්ප ක්‍රම මගින් ජනනය කර එදිනෙදා කාර්යයන් සඳහා භාවිතාකල හැකි බලශක්ති ඒකකයක නිෂ්පාදන පිරිවැය ගල්අඟුරු බලශක්ති ඒකකයක නිෂ්පාදන පිරිවැයට වඩා අඩු කිරිමයි. මේ සඳහා අවශ්‍ය පර්යේෂණ සහ තාක්ෂණික කටයුතු වෙනුවෙන් අරමුදල් ප්‍රදානයන් කෙරෙනු ඇත.
ඉ) විදුලියෙන් ක්‍රියාත්මක මොටර්රථ නිෂ්පාදනය වාණිජකරණය කිරීම (Commercialization of recharge electric vehicles)
ප්‍රතිජනණය නොවන ඛණිජ ඉන්ධන භාවිතය සහ වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් මුදාහැරීම අඩු කිරීම ගූගල් සංවර්ධන ප්‍රයත්නයේ ප්‍රධාන අරමුණක්වේ. මේ අරමුණ පෙරදැරිකර ගනිමින් විදුලියෙන් ක්‍රියාත්මකවන මොටර් රථ වානිජමය මට්ටමෙන් නිෂ්පාදනය කරන සමාගම් වල ලාභදායී ආයෝජන කිරීමට ගූගල් අපේක්ෂා කරයි.
http://www.google.org වෙබ් අඩවිය මගින් මේ සම්බන්ධ තොරතුරු ලබාගත හැකදිළිඳුම දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක කෙරෙන ප්‍රජා මූලික ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ජපානයෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ආධාර
Rural Road Project to Help Poorest Districts in Sri Lanka
(පෙබරවාරි 10, 2008)
ග්‍රාමීය මාර්ග සහ ජීවනෝපාය සංවර්ධනය යන අරමුනු දෙක එකවර ඉලක්ක කරගත් නවතම නියමු ව්‍යාපෘතියක් බදුල්ල, මොනරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 3 හි ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය අරමුදල් ආසියානු සංවර්ධන බැංකුවෙන් කලමණාකරනය වන දිළිඳුකම අවමකිරිම සදහාවු ජපාන අරමුදල මගින් ප්‍රදානය කෙරෙන බව ප්‍රකාශ කොට ඇත. මේ සඳහා එම අරමුදල මගින් ඇ. ඩොලර් මිලියන 2 ක ප්‍රදානයක් සිදුකෙරෙන අතර ශ්‍රී ලංකා රජය සහ ව්‍යාපෘති ප්‍රතිලාභීන්ගෙන් ඇ.ඩොලර් 245,000 ක පමණ දායකත්වයක් අපේක්ෂා කෙරේ. මේ මගින් සංවර්ධනය කිරිමට අපේක්ෂිත ග්‍රාමීය මාර්ග දිග ප්‍රමාණය කිලෝ මීටර් 200ක් පමණවේ.
මෙම දිස්ත්‍රික්කයන්හි දිළිඳු ප්‍රතිලාභී පවුල්වල ගැහැණු සහ පිරිමි සාමාජිකයින් 2500 කට පමණ මේ ව්‍යපෘතිය මගින් ශ්‍රම අවස්ථා ලැබෙනු ඇති අතර ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය පුහුණුව රාජ්‍ය නොවන සංවිධාන 4 කින් පමණ ලබා දෙනු ඇත. මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ එම ශ්‍රම ආදායමින් 50% ක් පමණ ඔවුන්ගේම ජිවනෝපාය සඳහා ආයෝජනය කිරීමට පොළඹවමින්, එම ජීවනෝපාය කටයුතු වඩා හොඳින් කළමනාකරනය කිරිමට අවශ්‍ය පුහුණුවද රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් මගින් ලබා දීමට සැලසුම්කර තිබීමයි.
මාර්ග සංවර්ධන ක්ෂේත්‍රය සඳහා මින් පෙර ආසියානු සංවර්ධන බැංකුව ආධාර සපයා ඇත්තේ ජාතික සහ ප්‍රාදේශිය මට්ටමේ මාර්ගවලට පමණක්වන අතර ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා එම බැංකුව ශ්‍රී ලංකාවේ ඉදිරිපත්වන ප්‍රථම වතාව මෙය වන අතර, එමගින් ලැබෙන අත්දැකීම් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන අනෙකුත් ප්‍රජා සංවර්ධන වැඩ සටහන් සඳහා ප්‍රයොජනවත්විය හැකියයි බැංකුව අපේක්ෂා කරයි.
මූලාශ්‍රය: http://www.adb.org/Media/Articles/2008/12366-sri-lankan-roads-developments/default.asp2008 ජතවාරි සංවර්ධන පුවත්
2007 සංවර්ධන පුවත්




